උමා ඔය ගැන සමන්ත ගෙන් උත්තර

samanth-vidyarathnaමුළු මධ්‍යම කඳුකරමය ගලගනිමින් තිබෙන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පළමු කැබිනට් පත්‍රිකාව යොමු කලේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ බවත් තමන් කටයුතු කළෙ එම කැබිනට් පත්‍රිකාවට අනුව බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබූ අතර ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම කැබිනට් පත්‍රිකාව ලබාගෙන පල කර තිබේ.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන දෙවන අදියර සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දී එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇති අතර ඒ අනුව පෙනී යන්නේ මෙහි ශක්‍යතා අධ්‍යයන පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වා ඇති බවය.

කෙසේ නමුත් මහින් දරාපක්ෂ පාලනය විසින් ව්‍යාජ ශක්‍යතා අධ්‍යයන වාර්තා සකස් කර මෙම ව්‍යාපෘතිය කිඩිමුඩියේ ආරම්භ කළ අතර ශක්‍යතා අධ්‍යයන වාර්ත කූඨ ලෙස සකසා ඇති බව මේ වනවිට සනාත වී හමාරය.

එපමණක් නොව බොරු තොරතුරු ඉදිරිපත් කර උමා ඔය පරිසර ඇගයීම් වාර්තා සකස් කළ විශේෂඥයින්ට මින් ඉදිරියට පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත. ඒ හේතුවෙන් මේ වනවිට මෙරට ක්‍රීර්තිමත් විශ්වවිද්‍යාලයක් යන ශ්‍රී ජයවුර්ධන පුර විශ්වවිද්‍යාලයටද කළු පැල්ලකමක් වැදී තිබේ.

ඒ උමා ඔය ව්‍යාපෘතියට පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක් මැදහත් වී දේශපාලන බලපෑමට යටත්වී අදාළව පරිසර ඇගයීම් වාර්තාව සකස් කර තිබූ නිසාවෙනි.

ශක්‍යතා අධ්‍යයන වාර්තා

උක්ත ශක්‍යතා අධ්‍යයන වාර්තා සහ පරිසර ඇගයීම් වාර්තා සකස් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලනයේ බලපෑමට යටත්ව බොරු තොරතුරු ඉදිරපත් කරමින් බවත් එම වාර්තා සම්පූර්ණයෙන්ම වැදි බවත් සඳහන් කරමින් එකල අවස්ථා ගණනකදීම ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, බහුවිනාශකාරී උමඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පරිසරවේදීන් ප්‍රදේශයේ ආගමිණ නායකයින්, උගත් බද්ධිමත් මහාචාර්වරුන් පවා මහින්ද රාජපක්ෂ පාලනයට දැන්වුද එය මායිම් නොකර ඉතාමත් අත්තනෝමතික ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා පැවති මහජන රැලියකදී සමන්ත විද්‍යාරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රතාචාර දැක්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ ශක්‍යතා අධ්‍යයන වාර්තා පරිසර ඇගයීම් වාර්තා නිවැරදි ලෙස සකස් කිරීමකින් තොරව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිසේත් අනුර දිසානායක මහතා කටයුතු නොකළ බවයි. ගැටළුව වන්නේ තමන්ද උමා ඔය යෝජනාවේ කොටස්කරුවෙක් බව කියා සිටීමට මේ තරම් කාලයක් ජවිපෙට ගත වීමයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.