ඔබ සයිප්‍රසයට එන්න සිහින දකින්නෙක්ද ?

sayprusඔබ සයිප්‍රසයට එන්න සිහින දකින්නෙක්ද ?

එසේ නම්,
ඒජන්සිකාරයින් ඔබට පවසාවි ගුවන්තොටුපොලේ සිටම පාර දිගට දොඩම් ගස් ඇපල් ගස් ඕනි කෙනෙක්ට කඩන් කන්න පුලුවන් කියල. ඒ පට්ට පල් බොරුවට නොරැවටෙන්න. ඔබට තුර්කිය හරහා සයිප්‍රසයට ඇතුලුවිය හැකිබව පවසා ඔබව රවටාවි. මතක තබාගන්න තුරුකිය හරහා බෝඩරය පන්නවා කියන්නෙ ඔබට වාහනයක ඩිකියක පිහිට ලැබෙන බවය. ඉදින් එසේ බෝඩරය පැන කාත්කවුරුත් නොදන්න රටක ඔබව තනිකර ගණුදෙනුකරු යන්නට යයි. ඉදින් ඔබට කුමක් සිදුවිය හැකිද ?

ඔබේ සේවා කාලය පැය 7 යි ඉන් පස්සෙ පාර්ට් ටයිම් එකක් හෝ රැකියා කරන ස්ථානයේ අමතර වැඩකරන පැය ගානට ගෙවීම් ලබාගත හැකියැයි පවසාවි. එය ගැන සිහින නොදකින්න. එය 99% කට නොලැබෙති.

එහෙ පඩිය අච්චරයි මෙච්චරයි. කියා ඔබට කියාවි. මා දන්නා පරිදි ගෘහ සේවයට පැමිණෙන කාන්තා/පිරිමි වැඩුප යූරෝ 309 කි. එය සේවා ස්ථානයේ හිමිකරුවන් අනුව වෙනස්වෙන්නට ඉඩකඩ ඇත.

සයිප්‍රස්වල සිටින ගැහැණුන් / පිරිමින් ආහ් අපි අවුරුදු අච්චරක් මෙහෙ මෙච්චරක් මෙහෙ කිය කියා ඔබට සයිප්‍රස් මවා පෙන්වාවි. ඒත් උන් බහුතරය කරන්නේ ඔබව මෙහෙට ගෙනත් කොහේට හෝ රිංගවා උන්ගේ මඩිය තරකර ගැනීමයි. ඔබට උන් ඉල්ලන ප්‍රමාණය දිමට නොහැකි නම් අතේ කණේ කරේ දෙයක් හෝ කඩාගන්නට පසුබට නොවන සද්ගුණවත් අයද සිටී

විශේෂයෙන් ශිෂ්‍යයන් ලෙස මෙහි පැමිණ රැකියා කරමින් උපයාගන්නට සිතනවා නම් ඒ තරම් අමූලික රැවටීමක් නැත. තමන්ට ලංකාවෙන් වියදම් කරන්න මුදල් තිබෙනවා නම් ඇවිත් ඉගෙන ගෙන ගියාට කමක් නැත. ඒ නැත්නම් ඔබට අප්‍රමාණ දුක්ගැහැට විදිමින් අදාල කාල සීමාවලට පාසැල් ගාස්තු ගෙවන්නට කිවනොහැකි තරම් දුෂ්කරතා විදිය යුතු වෙයි. ඒ අතර අවුරුදු හතලිස් පහේ පනහෙ ඇන්ටිලාගෙ ස්වාමිපුරුෂයන් වී ඔබගේ ජීවිතය ගැටගහන්නට වෙන අවස්ථාත් ඇති බව මතකයේ තබාගන්න.

මේ සියල්ලටම වඩා විශේෂම කාරණය කිසිම අවස්ථාවක මෙහි සිටින කෙනෙක් හරහා මෙහි නොඑන්න. මුදලට මිනිසුන්ට මනුස්සකම්, හිතවත්කම්, ඥාතිකම් අමතක වන බව ඒකාන්තය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද ඇස් වසා ඔබ දෙවෙනි තෙවෙනි පොත්වලටද එන අවස්ථා ඇත. මතක තියාගන්න ඔබ රවටාගන්නේ ඔබේම හදවතත්, ඔබේ වටිනා ජිවිතයත්, දුවා දරුවන්වත් බව. මන්ද යත් ඔබට යම් අනතුරක් වූ විට ඒ ගැන වගකියන්න කිසිවෙක් නැත.

අවසන කියන්නට ඇත්තේ, ඔබ දකින තරම් සයිප්‍රස් සුන්දර නැතිබවත්, ඔබ ඔබේ ආරක්ෂාව පළමුව නොසිතුවහොත් ජිවිත අවධානම ඔබේ බවය. තව කියන්නට බොහෝ දේ ඇතත්, කිවහැකි සීමාවක් තිබෙන බවත් පවසමි.

#දිනිති දීපිකා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.