චූන් පාන් නළාවක්‌ හඬවමින් ගම වටේම අරක්‌කු බෙදලා

choon panචූන් පාන් අලෙවි කරන මුවාවෙන් යතුරු පැදියකින් හොර මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි ජංගම හොර මත්පැන් ජාවාරම්කරුවකු හොර මත්පැන් තොගයක්‌ සහ ප්‍රවාහනය කළ යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය සමත්වී ඇත.

නළාවක්‌ නාද කරමින් ගම වටේ ඇවිද මෙසේ හොර මත්පැන් අලෙවි කරන බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත මෙම වැටලීම සිදු කර ඇත. පිටිගල පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. උපුල් නිශාන්ත හෙට්‌ටිආරච්චි මහතාගේ මෙහෙයවීම මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නියාගම – විල්සන්ට්‌ විඡේසිංහ

 

උපුටා ගැනීම දිවයින

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.