පොලිතීන් තහනමෙන් තුන් ලක්ෂයක් මහ මගට

polythene banපොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් තුන්  ලක්ෂයක් පවුල් මහ මගට වැටෙන බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමය පවසයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවූ කර්මාන්තකරුවන් පැවසුවේ මේ හදිසි තහනම හේතුවෙන් මෙම කර්මාන්තය නිසා යැපෙන පවුල් ලක්ෂ 3 ක පමණ පිරිසක් පීඩාවට පත්වන බවයි.

මෙහිදී අදහස් දැක්වු සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.

” අපි රජයෙන් ඉල්ලා සිටින්නේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් වෙනුවෙන් අපිට යොමුවීමට යම් කාලයක් ලබාදෙන්න. අපි පොලිතින් තහනම් කරනවාට විරුද්ධ නැහැ. නමුත් ඒ සදහා අපට කාලයක් අවශ්‍යයි.”

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ පොලිතීන් භාවිතය නිසා පරිසරයට සිදුවන අති මහත් හානිය සලකා බලා රජය විසින් පොලිතීන් භාවිතය තහනම් කිරීමට කටයුතු කිරීම යහපත් කටයුත්තක් වුවත්  ,ඒ ගැටළු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කොට සිකුරාදා (11) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ආර්ථික කටයුතු වෙනුවෙන් වන කැබිනට් කමිටුවට තමා කරුනු දන්වන බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.