බාර් නීතිය පැනවීම අහෝසි කිරීම එජාප ශ්‍රීලනිප සැලසුමක්‌ – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

Mahinda Rajapakshaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බාර් නීතිය අහෝසි කිරීමට ගත් තීරණය රජයේ පාර්ශවකරුවන් වන එක්‌සත් ජාතික පක්‌ෂයත්, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් කතාබහ කර සැලසුම් කළ එකක්‌ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

කැබිනට්‌ එක කතා බහ කර අනුමත කළාට පස්‌සේ ඒක ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්‌වීමකදී අවලංගු කරනවා. ඉන් ජනාධිපතිවරයා අමද්‍යප වීරයෙක්‌ වෙන්න උත්සාහ ගන්නවා යෑයිද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

බාර් වැහුවා කියලා බොන එක අඩුවෙන්නේ නැහැ. රටේ මත්පැන් ප්‍රමාණය වැඩිවෙලා. මගේ කාලයේ එතනෝල් ගෙනාවේ ලීටර් මිලියන 23 යි. මේ රජය 2015 සිට 2018 දක්‌වා එතනෝල් ලීටර් මිලියන 50 ක්‌ පමණ ගෙන්වා තිබෙනවා.

මේවා ඔක්‌කොම ජනතාව රවටන්න කරන වැඩ කියලා මම හිතනවා යෑයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(නෝමන් පලිහවඩන)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.