මහින්ද ෆුල් ෆිට්

Exercise - Mahinda Rajapaksaහිටපු ජනාධිපතිවරයා ව්‍යායාමයේ යෙදෙන ආකාරය දක්වන ඡයාරූප පුත් නාමල් රාජපක්ෂ විසින් මුහුණු පොතට එක කොට ඇත.

මෙහි දේශපාලන අරුත වන්නේ මහින්ද තවත් රවුමකට සුදානම් බවයි. ඒ අරුතේ යතාර්ථය හෙසේ වෙතත් හිටපු ජනධිපතිතුමාගේ දවස ගෙවෙන ආකාරයෙන් නම් බොහෝ දේ ඉගෙන ගැනීමට තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අවදිවන්නේ උදේ 5ත් – 5.30ත් අතර කාලයේය.උදෑසන 5.30 සිට 7.30 දක්වා පැය දෙකක කාලයක් ඔහු ව්‍යායාම් වල නිරත වෙයි.ලෝකයේ කොහේ සිටියද දිනපතා මෙම කටයුතු අනිවාර්යෙන්ම සිදු කිරීමට ඔහු වගබලා ගනී.

මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා ගේ ජීවන චර්යාව වර්ණනා කරමින්ප ලිපි ගනනාවක් මාධ්‍ය හරහා සමාජගත කිරීමේ වැඩ පිළිවෙලක් පවතී.

මේ ලිපි වලින් හෙළිවන තොරතුරු වලට අනුව නිරෝගී පැවැත්මකට අවශ්‍ය බොහෝ දේ පිළිබඳව තොරතුරු දැන් ගත හැකි වෙනු ඇත.

දේශපාලන අදහස් කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂට නිදුක් නිරෝගී සුව ප්‍රාරර්ථනා නොකරන කෙනෙක් lankanewsline ප්‍රජාව අතර සිටීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය.

විටෙක බලය දරා ගත නොහැකිව පීල්ලෙන් පිට පැන්නත් තරාදියේ වැඩි බර ඔහුගේ සරල සුන්දරකමටය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.