මුට්ටිය කේතලයට කළු යැයි කීම : රවිට එරෙහිව මහින්දානන්ද

ravi & mahindanandaමුට්ටිය කේතලයට කළු යැයි කිව්වා වගේ යැයි කථාවක් ඇතිවුනේ දර වලින් උයන කලයේදීය. එහෙත් මේ කථාව ගෑස් ලිපෙන් උයන කාලයටත් ගැලපේ. රවී කරුණානායකට එරෙහි විශ්වාස භංගය සම්පාදනය කරන්නේ මහින්දානන්ද අළුත් ගමගේය. ඔහුට එරෙහි හෝදන ගණනාවක්ම උසාවියේය. පැවරුම සඳහා කතා බහ පෙළ ගැසුනේ‌ මෙලෙසින්ය. ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීම 25 වැනි දා පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදීය.

“මේ වෙන කොට මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සියලු හොර ගනුදෙනු හෙළිවෙමින් යනවා. මේකට හිටපු මුදල් ඇමැතිවරයා සෘජුවම වගකිව යුතුයි” බන්දුල පෙන්වා දුන්නේය.

“මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා හිටපු මුදල් ඇමැතිවරයා කෝටි ගණන් වටිනා ගෙවල් මිලදී ගන්නේ කොහොමද කියලා. එදා මට තර්ජනය කළා නඩු දානවා කියලා. දැන් මම ද බොරු කියන්නේ රවි ද බොරු කියන්නේ කියලා කොමිසමේ දී එළිවෙයිනේ” මහින්දානන්ද කීවේය.

“හරි නම් මේ මුදල් ඇමැති ඉල්ලා අස්‌විය යුතුයි. ඉල්ලා අස්‌වෙලා රටිනුත් පිටවෙලා ගියොත් එයාට මෙලොව වශයෙන් කීර්තියයි පරලොව පිංකමයි හිමිවෙන්නේ” බන්දුල කීවේ සැවොම සිනාගස්‌වමිනි.

“හැබැයි මේ මගඩියට රවි විතරක්‌ නෙමෙයි මෛත්‍රි සහ රනිලුත් වගකියන්න ඕනේ. මේ ආණ්‌ඩුවම මේකට වගකියන්න ඕනේ” මහින්ද පැවසීය.

“මෛත්‍රි රනිල් දෙන්නා හදන්නේ මේක රවිගේ ඇඟේ ගහලා බේරෙන්නයි. නමුත් ආණ්‌ඩුවේ කාටවත් මේ වගකීමෙන් බේරෙන්න බැහැ” ප්‍රසන්න කීවේය.

“කොමිසමක්‌ දැම්මා. අපි මේ ගැන හෙව්වා කියලා රවිගේ කරපිටින් දාලා කට්‌ටිය බේරෙන්නයි හදන්නේ” පවිත්‍රා පෙන්වා දුන්නාය.

“ඒවට ඉඩ තියන්න බැහැ. අපි මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ” ප්‍රසන්න පැවසීය.

අවසානයේ රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක්‌ ගෙන ආ යුතු බව මහින්දානන්ද යෝජනා කළේය. අලුත් පක්‍ෂ පිහිටුවීම ගැනම මුල්තැන නොදී රටේ දැවෙන ප්‍රශ්න සමගත් සිටිය යුතු බව මන්ත්‍රීවරු යෝජනා කළහ. මේ අනුව මහින්දානන්දට රවිට එරෙහි විශ්වාසභංගය සූදානම් කරන්නට අවසර ලැබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.