මේ සුදු වෑන් කාගේද – සිසුවා නුලෙන් බේරෙයි

vanවිද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති ‘සයිටම්’ විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු පැහැර ගැනීමට සුදු වෑන් කල්ලියක් තැත් කරන ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක , විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සාකච්ඡා වලට සහභාගී වී ආපසු යමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීම සඳහා සිවිල් ඇඳුමින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළ බව කියා සිටියේය.

වෛද්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ශිෂ්‍යයා පැහැර ගැනීමට සුදු වෑන් එකකින් පැමිණි කණ්ඩායමක් උත්සාහ කළා. එම අවස්ථාවේ රයන් ජයලත් ශිෂ්‍යයා ආයෙත් ගොඩනැගිල්ල ඇතුළට දිවගොස් බේරුනා” පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

රයන් ජයලත් වෛද්‍ය ශිෂ්‍යයා බේරා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක මැදිහත් වීමෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම අවස්ථාවේ පොලිස් කණ්ඩායමක් විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානය ඉදිරිපිට රඳවා සිටි බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසයි. අදාළ සිද්ධිය පිළිබඳ හඬපට සහ වීඩියෝ දර්ශන තමන් සතුබව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එවැනි මර්දනකාරී ක්‍රියාවන් හෙළා දකින බවත් සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.