මේ සේරම චන්ඩි

thugsඒකාබද්ධ විපක්ෂ ප්‍රචාරණ රැස්‌වීම් මාලාවේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ එක්‌රැස්‌වීමක්‌ පසුගිය 22 වැනිදා පැවැත්වුණේ දිවුලපිටියේදීය. දිවුලපිටිය සණස ශාලාවේ පැවැති එම රැස්‌වීමට ප්‍රසන්න, ජොන්ස්‌ටන්, ඉන්දික, කංචන, සනත්, රණවීර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ සහභාගී වී සිටියහ. එහිදී ජොනී හා ප්‍රසන්න අතර මේ දෙබස ඇතිවිය.

“ඔයා තාම බේරිලා ඉන්නවා නේද?” ප්‍රසන්නගෙන් ජොන්ස්‌ටන් ඇසුවේය.

“රිමාන්ඩ් එක ළඟටම ගිහින් හැරිලා ආවට තවම නම් කරදරයක්‌ නැහැ” ප්‍රසන්න පැවසීය.

“ඔයත් අවදානම් කලාපයේ ඉන්න හින්දා පරිස්‌සමෙන් ඉන්න. දවසින් දවස පිරිහෙමින් යන හින්දා දැන් ආණ්‌ඩුවේ ලොක්‌කෝ වියරු වැටිලා ඉන්නේ. තියෙනවාටත් වඩා ලොකු මර්දනයක්‌ ඉදිරියේ දී ක්‍රියාත්මක වෙයි” ජොන්ස්‌ටන් කීවේය.

“ඒක නම් ඇත්ත. ආණ්‌ඩුවට දැන් කරකියා ගන්න දෙයක්‌ නැතුව ඉන්නේ” සනත් පැවසීය.

“මර්දනයෙන් අපිව බය කරන්න හදනවා නම් ආණ්‌ඩුවට වැරැදිලා. අපි මර්දනයට බය මිනිස්‌සු නෙමෙයි” ප්‍රසන්න කීවේය.

“ඒ කතාව නම් හරියටම හරි. මර්දනයට බය නම් අද අපිත් ඉන්න ඕනේ ආණ්‌ඩුවේ ඇමැතිලා වෙලා ඉඳියි. මහින්ද මහත්තයා වටේ ඉන්නේ මර්දනයට තර්ජනයට බය පිරිසක්‌ නෙමෙයි” කංචන පැවසීය.

“මහින්ද මහත්තයට එල්ල කරපු චෝදනා සේරම අද යහපාලන ආණ්‌ඩුවටම පාරාවළල්ලක්‌ වෙලා” රණවීර පැවසීය.

“තව ඉස්‌සරහට හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන්. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ” ප්‍රසන්න කීවේය.

“මේ රැස්‌වීම්වලට එනවා කියලා අපිටත් විනය පරීක්‌ෂණ තියයි ද දන්නේ නැහැ” සනත් ඇසුවේය.

“සමහර මහලේකම්ලා හිතාගෙන ඉන්නේ විනය පරීක්‌ෂණ තියලා සේරම විසඳන්න පුළුවන්. එහෙම නම් මුලින්ම විනය පරීක්‌ෂණ තියන්න ඕනේ පක්‌ෂේ සභාපතිවරයාට විරුද්ධව. එයා තමයි එක්‌සත් ජාතික පක්‌ෂයේ සංවත්සරයටයි, මැයි දිනයටයි ගිය එකම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නායකයා” ප්‍රසසන්න පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.