රත්න හිමිට ප්‍රාඩෝ

Athuraliye Rathana Himi - Pradoආරක්ෂක අමාත්‍යාංශය මගින් ගෙන්වා ජනාධිපති ලේකම් කාර්යාලයට අනියුක්ත කර ඇරති අති සුඛෝපභෝගී ටොයොටා ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ප‍්‍රාඩෝ රථය ගෙන්වා ඇත්තේ අතුරළියේ රතන හිමියන්ට බව ලංකා පුවත්පත අනාවරණය කරයි.

රුපියල් මිලියන 33ක රේගු බද්ද නිදහස් කර ඇති මෙම රථය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු විසින් අනාවරණය කර ඇත්තේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ දක්වා සහභාගී වී ඇත්තේ රැස්වීම් 7කට පමණක් බවය. රටේ දුප්පත්කම තුරන් කිරීම මෙන්ම පරිසරය ගැන හඬක් නගමින් ජනතාවට සේවයක් කිරීම සඳහා මෙතරම් වටිනාකමින් යුක්ත අධි සුඛෝපභෝගී වාහනයක් අවශ්‍ය ද? යන්න ඔහු ප්‍රශ්න කර තිබේ.

අතුරලියේ රතන හිමියන්, රටේ ගොවි ජනතාවට රසායනික පොහොර සහ කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුළින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බවත් පවසමින් විශාල හඬක් නඟන, යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී හිමි නමකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.