වාස් තියරිය – පොලිස් පොල්ල ඔසවන්න පෙර

vass-gunawardana‘වාස් ගුණවර්ධන’ තියරිය සියලූම දෙනාට පොදු බවව කියා සිටියේ ලංකාදීපයේ තරිඳු ජයවර්ධනයි. නිමිත්ත වුනේ පොලිස් ලොක්කන් එක දිගට කොටු වෙමත් සමඟය මේ සමඟම වැටත් නියරත් ගොයකන බව පෙනෙන්ට තිබේ.

සැකකරුවෙකුට බේරී යන්නට පොලිස් වෙට්ටු දැමු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යනු එසේ මෙසේ පොලිස් නිලධාරියෙක් නොව ඔහු ශ‍්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව හතර වැනියා.

එන් කේ ඉලංගකෝන් හිටපු පොලිස්පතිවරයා විශ‍්‍රාම ගන්නා විට ශ‍්‍රී ලංකා පොලිසියේ සිටි ජ්‍යෙෂ්ඨතමයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ මහතාය. ඔහු එවකට ජනාධිපති ආරක්ෂක අංශය බාරව සිටියේය. ඉන් පසු ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළ වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූ පූජිත් ජයසුන්දර, චන්දන ඞී වික‍්‍රමරත්න සහ ලලිත් ඒ ජයසිංහය.

පූජිත ජයසුන්දර මහතා 2020 වසරේ මාර්තු මාසයේ විශ‍්‍රාම ගැනීමට නියමිත අතර ඊට වසරකට පෙර එනම් 2019 අපේ‍්‍රල් මාසයේ දී එස් එම් වික‍්‍රමසිංහ මහතා විශ‍්‍රාම ගැනීමට නියමිතය.

මේ කාලය තුළ පිරිසුදු පොලීසියක මුල බීජ හෝ දැකිය හැකි වේද?

ස්වාධීන පොලිස් කොමිසමෙන් වැඩක් වේද?

නැතහොත්පොලිස් කෝලම රඟනු බලා හිඳිමුද?

 

ලලිත් ජයසිංහ ගේ පින

2020 වසරේ දී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විශ‍්‍රාම යෑමෙන් පසු ජ්‍යෙෂ්ඨත්වය අනුව අනුපිළිවෙළින් සිටින දෙදෙනා චන්දන ඞී වික‍්‍රමරත්න මහතා සහ අපේ කතානායකයා වන ලලිත් ජයසිංහ මහතාය.එනම් ලලිත් ජයසිංහ මහතා යනු පොලිසියේ සාමාන්‍ය නිලධාරියෙකු නව ඔහු සැලකිය යුතු මට්ටමේ ‘චරිතයකි’.

යාපනයේ පුංකුඩුතිව්හි ශිවයෝගනාදන් විද්‍යා නම් පාසල් දැරිය අපයෝජනය කර මරා දැමීමේ ප‍්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීම හා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙන්. සිද්ධිය ගැන විමර්ශන සිදු කර වසරක් යන තුරුත් අත්අඩංගුවට පත් නොවීමට තරම් ජයසිංහ මහතා ‘පින්‘ කර තිබිණි. වසරක කාලයක් ඔහුට නිදැල්ලේ සිටීමට ලැබුණේ ඇතැම් විට ඔහු පොලිසියේ ‘චරිතයක්’ වූ නිසා විය හැකිය.

පොලිස් කබාය ඇඟලා ගත් සැනින් තමන්ට සියල්ල පහළ වුණා යැයි සිතා වැඩ කරන පිරිසක් ද පොලිසියේ සිටින බව තරිඳු ජයවර්ධන පෙන්වාදෙයි.

ත‍්‍රිත්ව මිනී මැරුමක්

2013 වන විට පොලිසියේ සිටි වැඩිම කතා බහට ලක්වූ ‘වැඩකාරයන්’ අතර ඉදිරියෙන්ම සිටියේ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාය. දිනක් තරිඳු ජයවර්ධන රාජකාරි කටයුත්තක් සඳහා ඔහුගේ කාර්යාලයට යන විට ඔහු ලැප්ටොප් පරිගණයක් මේසය මත තබාගෙන මිනී කිහිපයක ඡායාරූ බලමින් සිටයේය. එය දුටු විටම දැනුණු අපුල නිසාම ‘ඇයි මේ මිනීවල පින්තූර බලන්නේ’ යනුවෙන් ලියුම්කරු විමසීය. ‘මේ 1996 වුණු ත‍්‍රිත්ව මිනී මැරුමක්. මේ ප‍්‍රදේශයේ (ගම්පහ දිස්ත‍්‍රික්කයේ) ඒවගේ සිදුවීම් ගොඩක් තියෙනවා. ඒව ඔක්කොම හොයන්න ඕනෑ. ඒ නිසයි මේ පින්තූර බලන්නේ.’ නියෝජ්‍ය පොලිස්පති වාස් උත්තර දුන්නේය. ‘1996 කියන්නේ දැන් අවුරුදු 15ක් විතර වෙනවා නේද? දැන් ඕවා බලලා වැඩක් තියෙනවායැ?’ ලියම්කරුගේ ප‍්‍රකාශයට පෙළරලා පිළිතුරු දෙමින් වාස් ගුණවර්ධන මෙසේ කීවේය. ‘‘අපරාධයක් කරලා කවදාවත් සාක්කි ඔක්කොම වසන් කරන්න බෑ. පුංචි සාක්කියක් හරි ඉතුරු වෙනවා. අවුරුදු කීයක් ගියත් හරියට මහන්සිවෙලා විමර්ශන කළොත් සැකකරු අල්ලා ගන්න පුළුවන්.’’ ඒ වාස් ගුණවර්ධනගේ ප‍්‍රකාශයයි.

වාස්ගේ ‘තියරිය’ වාස්ටම පෙරළා පැමිණියේ මොහොමඞ් සියාම් ඝාතන සිදුවීමේදී ය. ‘සාක්කි කවදා හරි එළියට එනවා. සැකකාරයා අල්ලන්නත් පුළුවන්.’ කියුම රහස් පොලිසිය වාස් කෙරෙහිම සනාථ කළේය. මොහොමඞ් සියාම් ඝාතන සිදුවීමට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එල්ලූම් ගහ නියම විය.

නිල නොවන පොලිස්පති – අනුර සේනානායකanura-senenayake

පසුගිය ආණ්ඩු කාලයේ පොලිසියේ නිල නොවන පොලිස්පති යැයි ඇතැමුන් හැඳින්වූ චරිතය වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකය. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වූ ඔහු එකල සැබෑ දක්ෂයෙක් විය. කෙසේ වෙතත් තරු පටි වැඩි වෙන්නට වැඩි වෙන්නට තත්ත්වය වෙනස් වූ අතර දේශපාලනයත් සමඟ ඔහු අවසන් කාලයේ කළ බොහෝ දෑ ගැන දැඩි විවේචන එල්ල විය. අවසානයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ඒ මහතාට වසරක පමණ කාලයක් රිමාන්ඞ් බාරයේ සිටීමට සිදු විය.

නිධන් සිදුවීමක් සම්බන්ධයෙන් වවුනියාවේ නියේාජ්‍ය පොලිස්පතිවරයකු පසුගිය වසරේ අත්අඩංගුවට පත් වූ අතර මාස ගණනක් රිමාන්ඞ් බාරයේ සිටීමට ද සිදු විය. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම පොලිසියේ සියලූම දෙනාට නීතිය පොදුය. රටේ සියලූම වැසියන්ට බලපාන සිවිල් හා අපරාධ නීති පොලිසියට ද එලෙසින්ම බලපාන බව පොලිසියේ ඇතැම්හූ නොසිතති.

නීතියට පයින් ගසා නිල ඇඳුමට වසන් වී අයථා වැඩ කරන පොලිසියේ උදවියට කිව යුත්තේ ‘වාස් ගුණවර්ධන’ තියරිය සියලූම දෙනාට පොදු බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.