විමල් නික්ම ගියත් මහින්ද පිළ

wimalනව ව්‍යවස්ථාක් සැකසීමට දායකවීමේ කටයුතුවලින් විමල් වීරවංශ ඉවත් වුවද තවදුරටත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරීමට මහින්ද පිලේ සෙසු මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පසුගියදා (20දා) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ කටයුතු කිරීමේදී දේශපාලන පක්ෂ සළකනුයේද එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොන්ග්‍රසය හා ඊපීඩීපී ලෙසය. ඒ අනුව මහින්ද පිලට හෝ විමල් වීරවංශගේ කණ්ඩායමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වෙනම නියෝජනයක් හිමි නොවන අතර ඔවුන්ට හිමවන්නේද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවස්ථාවය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.