අජිත් පී පෙරේරා සොයුරු ජනපති අණ තුට්ටුවට දමයි…

අජිත් පී පෙරේරාගේ සොයුරා තෙත් බිම ගොඩකර මුලින්ම තැනූ ඉන්ධන පිරවුම්හල... නව ගොඩකිරීම් වන්නේ ඊට පිටුපසිනි...
අජිත් පී පෙරේරාගේ සොයුරා තෙත් බිම ගොඩකර මුලින්ම තැනූ ඉන්ධන පිරවුම්හල… නව ගොඩකිරීම් වන්නේ ඊට පිටුපසිනි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඍජු නියෝග නොසලකා හරිමින් විදුලිබල රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරාගේ සොයුරා විසින් රජයේ තෙත් ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගෙන එය පුරවා ගොඩ කරමින් සිටී.

සිය සහෝදරයාගේ බලය පාවිච්චි කරමින් ජනාධිපති අණත් නොසලකා කරන මේ අකටයුත්ත සිදුවෙමින් ඇත්තේ බණ්ඩාරගම පානදුර පාරේ රඹුකන ප්‍රදේශයේය.  ඔහු විසින් මීට පෙර මෙම ස්ථානයේ පැවති රජයේ තෙත් ඉඩමක් ගොඩ කර ඉන්ධන පිරවුම්හලක් ඉදි කර තිබිණි. එම ඉන්ධන පිරවුම්හල පිටුපිසින් නැවතත් මෙම ඉඩම නීති විරෝධීව ගොඩ කරමින් සිටී.ajith-p21

රජය කොළඹ නගරය ආශ්‍රිත තෙත් ඉඩම් ගොඩ කිරීම ප්‍රතිපත්තියක් ලෙස නවතා තහනම් කරනු ලැබුවේ වාර්ෂිකව සිදුවන ජල ගැලීමේ උවදුරට පිළියමක් ලෙසය. කොළඹ තෙත් බිම් නගරයක් වන අතර නගරයේ ජල ගැලීම් නවත්වා ගැනීම සදහා අවම වශයෙන් තෙත් බිම් අක්කර දහසක් අවශ්‍ය මෙම විෂය පිළිබද ප්‍රාමාණික විද්වත්හු හා පරිසර වේදීහු නිශ්ඡිතව පෙන්වා දීමත් සමග මේ තීන්දුව ගනු ලැබිණි. මේ වනවිට අනිවාර්යයෙන් ආක්ෂා වී තිබිය යුතු තෙත් බිම් අක්කර දහසෙන් හාර සියයක් නීති විරෝධී ලෙස ගොඩ කර තිබේ.  මින් හටගන්නා ගංවතුර උවදුර මගහරවා ගැනීමට අසීමිතව මුදල් වියදම් කර ඉංජිනේරු විසදුමක් සදහා යෑමට වඩා ජාතියක් ලෙස ඉතිරි වී ඇති තෙත් බිම් ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව තීරණය කර තිබිණි. ඒ සදහා රටේ ජනාධිපතිවරයා ඍජුව මැදිහත් විය. ඔහුගේ නිර්දේශ නොතකා මේ ආකරයෙන් අජිත් පී පෙරේරාගේ සහෝදරයා ඉඩම් ගොඩ කරන ආකාරය ආණ්ඩුවම  බලා සිටී.

දැනට මේ ප්‍රදේශයේ  පර්චසයක මිල රුපියල් ලක්ෂ 6 පමණ වනබව තක්සේරු කරුවෝ පවසති. මේ අකටයුත්ත සම්බන්ධව පැමිණිලි කළ හැකි කෙනෙක් නැති බව ප්‍රෙද්ශවාසීහු කියති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “අජිත් පී පෙරේරා සොයුරු ජනපති අණ තුට්ටුවට දමයි…

  • September 15, 2016 at 5:17 pm
    Permalink

    meya yaha palanaye loku thaththa wagei kathawata nam. redda assen nariwadama berenawa kiyala sinhalen kiyanne owata.

    Reply

Leave a Reply

Your email address will not be published.