අද සිට සෑම පොලිසියටම රෝද පුටුවක් තබන්න… සාගල පොලිස්පතිට දන්වයි…

weel111දිනසේන රතුගමගේ

අද (18) සිට සෑම පොලිස් ස්ථානයකම රෝද පුටුව බැගින් තබන මෙන් නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක පොලිස්පතිවරයාට දන්වා සිටියේය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ මුලතිවු, ඔඩ්ඩුසුඩාන් පොලීසිය සදහා වූ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.   ඇමතිවරයා රෝද පුටු තබන්නට දන්වා සිටියේ   දිවයිනේ සෑම පොලීසියකටම පැමිණෙන ආබාධිතයින්ගේ ප්‍රයෝජනය පිණිසය.

උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරණ පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව පිළිබදව හසල දැණුමක් ලබාදීමේ වැඩ පිළිවලක් ආරම්භ කරණ බවත්,පොලිස් සේවයට බදවා ගැනීමේදී දෙමළ භාෂාව පිළිබදව දැනුමක් ඇති නිලධාරීන් බදවා ගැනීමට මින් ඉදිරියට කටයුතු කරණ බවත් සාගල රත්නායක ඇමතිවරයා   මෙහිදී පැවසීය.

උතුරු නැගෙනහිර පළාත්වල වැසියන්ගෙන් ගිලිහී ගොස් ඇති විශ්වාසය අයළි ඇති කළ යුතු බවත්, එය ඉටු කළ යුත්තේ ගොඩනැගිලි ඉදිකිරීමෙන් නොව නීතිය හා සාමය සැමට එකසේ ලබාදීමෙන් බවත් කී අමාත්‍යවරයා වෙනුවෙන් පොලිස් නිලධාරීන් අපරාධ සිදුවූ පසුව කටයුතු කිරීමට වඩා අපරාධ වළක්වා ගැනීමට ක්‍රියා කළ යුතුව ඇතැයිද කියා සිටියේය.

පොලිස් නිලධාරීන් ඉතා කාර්යක්ෂමව කටයුතු කිරීම,ජනතාවට මිත්‍රශීලිව සුහදවීම, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කිරීම හා අවංකවීම යන අංග ඉටු කරණ විට පොලිස් දෙපාර්තමේන්තුව හා අමාත්‍යාංශය එම නිලධාරීන්ගේ අනාගතය මීට වඩා උසස් අන්දමින්  ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.