අධිරාජ්‍ය විරෝධි නායකයා මහින්දයි-වාසුදේව

මෙවර ශ්‍රී ලංකාවේ නායකත්වයට පත් වන්නේ අධිරාජ්‍ය විරෝධි නායකයෙක් ද එසේ නැත්නම් අධිරාජ්‍ය ගැති රටේ නිදහස පාවා දෙන යූ.එන්.පී හවුලේ නායකයෙක් ද යනන පිළිබඳව දැඩි ජාත්‍යාන්තර අවධානයක් යොමු වී ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

(පවසයි.

අමාත්‍යතුමා මෙම අදහස් පල කලේ රත්නපුර නව නගර ශාලාවේදී පැවති සමාජවාදී ජනතා පෙරමුණේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යතුමා ප්‍රකාශ කළේ,

නිකරගුවාව එල්සැල්වර්දෝරය වැනි ලතින් ඇමරිකානු රටවල් බොලිවීයාව, බ්‍රසීලය, වෙනිසියුලාව ඉක්වදෝරය වැනි වමට බර දේශපාලන පෙරමුණුවලින් ආණ්ඩු ගෙනියන රටවල්. මේ රටවලවල අපේ ඡන්දය ගැන කථා බහ උණුසුම්. ඒවගේ අනෙක් රටවලත් මේ කථාව යනවා. එහිදි සාකච්ඡා වන්නේ ලංකාවේ අධිරාජ්‍යවාදයට අවනත මෛත්‍රිපාල වැනි නායකයෙක් පත් කර ගන්න අධිරාජ්‍යවාදීන් සමත් වෙයිද. එහෙම නැත්නම් ලෝකයේ අධිරාජ්‍යවාදයට අවනත නොවී කෙලින් ඉන්න රටවල් සේම ශ්‍රී ලංකාවේත් මහින්දගේ නායකත්වයට නැවත දිනන්න පුළුවන් වෙයිද? යන්නයි

අපිට අපේ රටට අවශ්‍ය අපේ ජාතික නිදහස අධිරාජ්‍යවාදයට යට නොවු නිදහසක්. ජනතාවාදී සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනයක්. මෛත්‍රිපාල ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ඒජාපයේ උරුමය බව මතක තබා ගන්න.

තනි පුද්ගලයෙකු වටා බලය ඒකරාශී වෙන ජේ.ආර්.ගේ ක්‍රමය වෙනස් කල යුතුයි. පාර්ලිමේන්තුවට වග කියන රාජ්‍යයක් ගොඩනැගිය යුතුයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂ අපේ නායකයා බවට පත් කර ගත යුතුයි.

ලෝකයේ රටවල් ගණනාවක් ඉන්නවා අධිරාජ්‍යවාදයට විරුද්ධව. ජාත්‍යන්තර වශයෙන් අපටත් ඉෂ්ඨ කල යුතු ලොකු යුතුකමක් තියෙනවා අධිරාජ්‍ය විරෝධි අපේම නායකයෙකු පත් කර ගන්න. සමහර රටවල් අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමනයට යටත් වුනා.

කියුබාව අවුරුදු 50 කට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී බලවේගයන්ට යටත් නොවී සිටියා. එහෙම ඉඳලා කියුබාවට දාපු තහංචි ඇමරිකාවට අයින් කර ගන්නා සිදු වුනා. ඒ ලෝක බලපෑමේ නිසා. ලෝක බලපෑම උඩ තමයි වියට්නාමයත් යුද්ධය දිනන්නේ. ලෝකයේ ජනමත බලපෑම ප්‍රබලම සාධකයත් මොන මාර්ගයකට ලෝකය ගමන් කරනවා ද කියන එක. මේ රටේ ජාතික යුතුකම හැටියටත් ජාත්‍යන්තර යුතුකම හැටියටත් අධිරාජ්‍යවාදින්ට ගැතිකම් කරන අපේක්ෂකයන් පරාජය කල යුතුයි’යැයි  අමාත්‍යවරයා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.