අමරදේවයන් වෙත ලක්ෂ්මිය ගෙන් විසිට් එකක්

amaradeva6

හෙළයේ මහා ගන්ධර්වයානන්,  ජීවිතයේ  අසු හයවැනි පියවර පියමං  කරමින් සිටිති .
මේ නිහතමානි සරල සුන්දර මිනිසා   සම්භාවනාවට  පත්වනවිට  නෙළුමක් සේ  විකසිත වන තතු දන්නෝ දනිති.
අමරදේවයන්ට උපහාර දැක්වීමේ දැවැන්ත සංගීත ප්‍රරසංගයක් ලබන 28 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රී ඩාංගණයේදී පැවැත්වීමට ශ්රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය කටයුතු යොදා  තිබෙන බව සැලයි .

කලාශූරී චන්න විජේවර්ධනයන්  නැටුම් මෙහයවන් අතර  අමරදේව සෙවනේ  නිබඳ රැදෙන  ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත  මෙහෙයුම් ගැන වග බලා  ගැනීමට  භාර ගෙන් ඇත ,

පිටපත බණ්ඩාර ඇහැලියගොඩ ගෙනි. උපුලි රංගායතනය සමඟ යුද්ධ හමුදා නර්තන කණ්ඩායම් නර්තනය ඉදිරිපත් කරන අතර සංගීතය සියදෙනකුගෙන් සමන්විත යුද්ධ හමුදා පෙරදිග සංගීත කණ්ඩායම මගින්ය.
නන්දා මාලනී,  වික්ටර් රත්නායක ඇතුළු ගායක ගායිකාවන් රැසක් මෙහිදී අමරදේවයන්ගේ ගීත ගයති.

ප්‍රසංගය දැවැන්තය .රාජ්‍ය සහ වෙළඳ  ලෝකය බෙහෙවින් සම්බන්ධිතය.
සුභාවිත ගී ලකුණේ  පෙර  ගමන්කරුවා වූ  අමරදේව නිබඳව වාසය කළේ සරස්වතිය සමගිනි එහෙත් දැන්  ධනයට  ලක්ශ්මිය  අමරදේවයන් වෙත විසිට් එකක් කිරීමට අර  අඳින බව පෙනේ.

එහෙත්  ඊට කම් නැත අමරදේව මාස්ටර් සතුටින් නම් අපත් සතුටිනි..

ලංකාව  නම්  බිම් කඩේ වෙසන වටිනාම  මිනිසා සතුටෙන් නම් ඒ ගැන කුමන කතාද?

නිදුක් නිරෝගී වේවා,මහා ගාන්ධර්වයානෙනි -ප්‍රසංගය සාර්ථකවේවා.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.