අමාත්‍ය රිෂාඩ් මෛත්‍රීට මනාපයි-මහින්ද තක්සේරුව වරදී

rishardbbbb

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම ආණ්ඩු පක්ෂ ජනාධිපතිවරණ වැඩ පිළිවෙලට දැඩි ලෙස බලපාන්නට ඉඩ තිබේ.

අමීර් අලී මහතා සන්ධානයට එක්වූයේ ජාතික ලයිස්තු මන්ත්‍රී අල්හාඡ් ඒ. එච්. එම්. අස්‌වර් මහතා පාර්ලිමෙන්තුවෙන් ඉල්ලා අස්වීමෙන්ය.

මේ පිල්මාරුව සමගින් ජනාධිපතවරයා ගේ දේශපාලන තක්සේරුව පිළිබඳව ප්‍රශ්න මතුවෙමින් පවතී.තමන් රැවටීමකට අසුවූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ රත්නපුරයේදී පිළිගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට අමතරව ,  පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකු ද, ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකු ද සමග සමස්ත ලංකා මහජන කොංග්‍රසය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කැප වන බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

.ආණ්ඩුව ආගම්වාදය සහ , ජාතිවාදය අවුස්සන්න උත්සාහ ගත් බව  රිෂාඩ් බදියුදීන් කියා සිටියේය.

‘අලුත්ගම සිද්ධිය සැලසුම් සහගතව ඇති කළ දෙයක්. එය නවත්වන ලෙස ඉල්ලුවත් නැවත්තුවේ නෑ. ඉන් පසු දිගින් දිගටම විවිධ සිද්ධි ඇති කළා. මේ පුංචි රටේ අපි සමගියෙන් ජීවත් වුණේ. එය නැති කරන්න උත්සාහ කළා. අපි කොපමණ කීවත් එය නැවැත්තුවේ නෑ.’ යැයි හිටපු  ඇමතිවරයා පැවසීය.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා –

‘අද සියලු කටයුතුවලින් මහින්ද රාජපක්ෂ මහත්මයා අසමත් වෙලා. රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ පක්ෂයේ සහායෝගයත් අපට ලැබීමෙන් පසු පක්ෂ හා සංවිධාන 48ක සහායෝගය අපට තිබෙනවා.

අපි කිසි දිනක යුද්ධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. එල්ටීටීය නැවත හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 චෝදනා

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ජනාධිපතිවරයා ගේ සමීප  හිතවතෙක් සේ කටයුතු කල අතර අධිකරණයට අගරු වන සේ කටයුතු කිරීම සහ අනවසර පදිංචි කිරීම් පිළිබඳව චෝදනා ඔහට එල්ල විය.

 

 

[vsw id=”/aeJO6Wtjl5I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.