අමුතු එක්ස් රේ එකක් ගන්න ගිය විකිරණ ශිල්පියා කූඩුවෙ……….

woman11මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වන ලේක් සයිඩ් රෝහලෙන් එක්ස්කිරණ වාර්තාවක් ලබා ගැනීමට ගිය තිස් දෙහැවිරිදි කාන්තාවකට අමුතු ආකාරයෙ කිරණ වාර්තාවක් දෙන්නට ගිය විකිරණ ශිල්පියෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මේ විකිණ ශිල්පියා එම කාන්තාවක් නිරුවත් කොට ශරීරය ස්පර්ශ කිරීමට තැත් කිරීමේදී කරන්නට යන විකිරණ පරීක්ෂණයේ ස්වරූපය වටහා ගත් කාන්තාව මහනුවර පොලිසියට කළ පැමිණිල්ලක් මත මෙම විකිරණ ශිල්පියා  පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඔහු අද උදේ 11 පමණ වනවිට උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු අවුරුදු 50 අයෙකි. ක්ෂේත්‍රයේ 23 වසකර පළපුරුද්දක් ඇති අයෙකි. අදාල කාන්තාව දිගු කාලීන හිසේ වේදනාවක් සදහහා ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේදී කඩිනමින් එක්ස් කිරණ වාර්තාවක් ලබාගෙන එන ලෙස වෛද්‍යවරයා විසින් උපදෙස් දී ඇත. ඒ උපදෙස් අනුව එක්ස් කිරණ වාර්තාව ගන්නට ගිය අවස්ථාවේදී ඇය මේ අතවරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.