අලුත් ව්‍යවස්ථාවට හදිසියක් නෑ – මෛත්‍රී

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට තමන්ට හදිසියක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා අදහස් විමසන කමිටුව හමුවූ අවස්ථාවේ කියා සිටියේය.

මෙම කමිටුවේ සභාපතිධූරය දරන්නේ අධිනීතීඥ ලාල් විජේනායකයි.

නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමුකළ යුතු බවත් එසේ කිරීමේදී ඒ පිළිබද ප්‍රමාණවත් දැනුවත් කිරීමක් නොකළහොත් අන්තවාදීන්ට එයින් අනිසි ප්‍රයෝජන ලබා ගැනීමට ඉඩ සැලසෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනමත විචාරණයකට සුදුසු සමාජ පසුබිම නිර්මාණය කිරීම සඳහා සාමය සහ සංහිඳියාව පිලිබඳ කතිකාවතක් ගොඩ නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.විශේෂයෙන්ම උතුරේ දැවෙන ප්‍රශ්න විසදාලීමේ වැදගත්කම අවධාරණය කිරීමේ සංවාදයක් දකුණේ ජන කොටස් අතර ඇතිකළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජනතාව තුල දැඩි උනන්දුවක් පවතින නමුත් ජනතා ප්‍රාර්ථනයන් ඉටු නොවීම හේතුවෙන් ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බව ව්‍යවස්ථාව සඳහා වූ අදහස් විමසන කමිටුවේ සාමාජිකයින් ජනාධිපතිවරයාට කියා සිටියහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!