අස්නොවන බව රනිල් කියයි

Ranil Wickramasingheතමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ප්‍රධානීන් අමතා පැවසුවේය. තමන්ගේ ආණ්ඩුව ස්ථාවර බවත් තරුණ නායකත්වයට ඉඩ දෙන ප්‍රතිසංවිධානයක් ක්‍රියාත්මක කරන බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති අතර ඉදිරියටත් ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“මේ ආණ්ඩුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්.අපි ඉන්නේ ඒ ස්ථාවරයේ. බහුතරය තියෙනවා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මට සඳුදා කෝල් කළා. අගමැතිකමෙන් අයින් වෙනවාද ඇහුවා. මං කිව්වා එහෙම අදහසක් නෑ කියලා මම දැනුත් ඔෆිස් එකේ ඉන්නේ කියලා. අගමැතිධුරය ව්‍යාවස්ථානූකූලව මා දරනවා. අපි ඒ වැඩපිළිවෙලත් එක්ක ඉස්සරහට යනවා.“යැයි අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව කියා සිටියේ තමන්ට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපතිවරයා හෝ පක්ෂයෙන් බලපෑමක් නැති බවයි.

ජනාධිපතිවරයා අගමැති වරයා ඉවත් කිරීම පිළිබඳව නීති උපදෙස් විමසීම පිළිබඳව විමසු විට අග‍්‍රාමාත්‍යවරයා පැසුවේ පිළිබඳව පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන්ව පවතින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.