අහිංසක මෛත්‍රීපාල තමාගේ ම පංතියට ම එරෙහි ව සටන් කිරීමට හිත හදාගත්තෙකි- මහින්ද පතිරණ විග්‍රහය

 

 

 

MITH CHAN

මේ අවසාන සටනයි

ඕනෑම අරගලයක අන්තිම ම සටන සිදුවන්නේ සතුරු කඳවුර තුළ නොව මිතුරු එක තුළ ය. ඒ සතුරා මාරාන්තික පසුබෑමකින් අනතුරු ව වෙනත් ආකෘතියකින් අනිවාර්යයෙන් ම නැවත සටනට පිවිසෙන නිසා ය. මිතුරු කඳවුර තුළ සාමාන්‍යයෙන් මෙම සටන නැවත මතුවන්නේ නොසිතූ නොවිරූ ලෙසිනි. ලංකාවේ බෙදුම්වාදී සටන නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ නැත. එහි දී ඊට විරාමයක්‌ ලැබුණා පමණි. මේ දැන් දිගහැරෙමින් තිබෙන්නේ අන්තිම සටනේ දෙවැනි උපක්‍රමික දිගුවයි. මෙහෙයුම් සැලසුම යටත් විජිත හීනමානය නිසා ජාත්‍යාලය අහිමි කරගත් සිංහල රදලයින් විසින් කරන අතර එහි ප්‍රමුඛතම සෙබළා ලෙස දුබල හෙළ බොදු ගොවියෙකු පෙරමුණට යවා ඇත. සටන තීරණාත්මක ය. මේ ඒ පිළිබඳ කෙරෙන කරුණු පෙළගැස්‌මකි.

මෛත්‍රීපාල, ආණ්‌ඩුවෙන් යාම අහම්බයක්‌ නොව, ඔහුගේ දේශපාලනයේ තාර්කික ප්‍රතිඵලයකි. මෛත්‍රීපාල කිසිදිනෙක රාජපක්‌ෂ සමග ද එහි දෘෂ්ටිවාදය සමග ද එකපයින් සිටගත් පුද්ගලයෙකු නොවේ. ඔහු සිංහල බෞද්ධ බව ඇත්තකි, එහෙත් එසේ වූ පමණින් ඔහු රාජපක්‌ෂ පාලනයේ හදවතවන් ජාතිකවාදයේ තර්කනයට නොගැළපුණේ ය. ඊට ප්‍රධාන හේතුව වූයේ මෛත්‍රීගේ ඉහවහා ගිය චන්ද්‍රිකානුරාගයයි. කෙනෙකු මෛත්‍රීපාලගේ පසුගිය දේශපාලන කතා නැවත ගෙන බැලුවහොත්, ඒ සෑම කතාවකම ඔහු විසින් ම බලෙන් ස`ඟවාලූ යටිපෙළක්‌ දක්‌නට ලැබුණි. ඒ නිසා ම ඒවාහි රාජපක්‌ෂ පාලනය සමග අනන්‍ය වන තෙත් බව ද දක්‌නට නොලැබිණි. එකී කතා බොහෝමයක කිසියම් හෝ තැනක රාජපක්‌ෂවරුන් හා ආණ්‌ඩුව පිළිබඳ ව කෙනෙකුට වහා මතුපිටින් තේරුම් නොයන, එහෙත් සියම් ලෙස බැලීමේදී ඒ පිළිබඳ තිබෙන නොරිස්‌සුමක සෙයකි.

චන්ද්‍රිsකානුරාගය හැර, මහින්ද රාජපක්‌ෂ හෝ ඔහුගේ මතවාදය සමග මෛත්‍රීට පෑහීමට නොහැකි වෙන වෙන ම හේතු තිබුණි. ඒ ගැඹුරු දෘෂ්ටිවාද ප්‍රශ්න නොවේ. සිල්ලර ඒවා ය. මෛත්‍රීපාලට අනුව මහින්ද යනු තමාගේ ම පවුලේ අයෙකි. ඔහු රදලයෙක්‌ නොවේ. ඒ අනුව, පක්‌ෂය තුළ ද සමාජ පංතිය තුළ ද මහින්දට තිබෙන්නේ තමාට තිබෙන තැන ම බව මෛත්‍රී කල්පනා කළේ ය. එහෙත්, මෙවන් සමානකම් තිබියදීත්, මහින්ද තමා පරයා අහස තරම් උසට නැග ගොස්‌ තිබේ. ඔහු හා නැවත සමපාත වීම සිතීමටවත් නොහැකි තරම් ය. ඒ අනුව, මහින්දගේ නැගීම මෙන් ම දේශපාලනය තුළ වැජඹීම ද මෛත්‍රී තුළට එකතු කළේ පුහුදුන් ඕනෑම පුද්ගලයෙකු තුළට එන සියුම් ඊර්ෂ්‍යාවකි.

maithriBETTERMAHINDA

මෛත්‍රීපාල තුළ, මහින්ද කෙරෙහි නැති, තමා වෙතට වන ස්‌වභාවික පක්‌ෂපාතිත්වය ගැන චන්ද්‍රිකා ද දැන සිටියා ය. ඇත්ත වශයෙන් ම මීට හේතුව සංස්‌කෘතික ය. යටත් විජිත ලාංකීය ගැමි සංස්‌කෘතිය තුළ තිබෙන සුවිශේෂී තත්වයක්‌ නම්, ලාංකිකයා කොන්දේසි විරහිත ව තමා සුද්දා යෑයි සිතාගෙන සිටින සුද්දාගේ ‘සුපිරිබව් පිළිගැනීම ය. ‘සුද්දා යෑයි සිතාගෙන සිටින සුද්දාගේ’ යන්න අප සඳහන් කළේ ඔරිජිනල් සුද්දා අප සිතා සිටින සුද්දාට වඩා බොහෝ වෙනස්‌ බැවිණි. නියම සුද්දා තම ජාතියට ආදරය කරන, ඒ පිළිබඳ ආඩම්බර වන හා එය වැඩීමට නිරන්තර ව වැඩ කරන අයෙකි. එහෙත් යටත් විජිතවල සිටින සුදු අනුගාමිකයින් සිටින්නේ තම ජාතිය, ආගම හා සංස්‌කෘතිය පිළිබඳ නොපසුබස්‌නා හීනමානයෙනි. මන්ද ඔහු තමාට තමා අහිමි කරගෙන සිටින අයෙකි. ආත්මාභිමානයක්‌ නැත්තෙකි. තමාගේ කිසියම් අඩුවක්‌ ඇතැයි සිතමින් ඔවුහු නිරන්තර ව තැවෙති, කම්පා වෙති. මෙම හීනමාන තත්වය ලාංකීය සංස්‌කෘතිය තුළට කිඳා බැස තිබෙන තත්වයකි. අප නිරන්තරයෙන් ම අවිඥානික ව මෙන්, යමෙකු ‘සුද්දා වගේ’ යෑයි කියන්නේ මේ පදනමින් ය. සූක්‌ෂම ලෙස වසා දමා තිබෙන සුද්දාගේ ජාතිවාදය, ආගම්වාදය, අශිෂ්ටබව හා මර්දනකාරී දේශපාලනය ගණන් නොගන්නා අපි අපගේ එවැනි දේ පිළිබඳ බොහෝ සේ වදවෙමු.

යටත් විජිත පෙරදිගය ප්‍රගතිය යෑයි අර්ථ දක්‌වන්නේ පවා සුද්දෙකුට හා ඔහුගේ රටකට සමාන වීම ය. සුද්දා දැඩි ව විවේචනය කරන්නා තුළ ද අප ව හෙළා දැකගන්නා, සුද්දාට රහසින් කැමති වන්නා වූ, අගය කරන හා අවනත වන්නා වූ අවකාශයක්‌ තිබේ. මෙම කැමැත්ත හා අවනත බව සුද්දා නැති තැන හිමිවන්නේ ඔහුගේ දේශීය නියෝජනයට ය. චන්ද්‍රිකා වෙතට මෛත්‍රිපාල තුළ පවතින්නේ ඉහත අවනතභාවයයි. එය නිරායාස හා ස්‌වභාවික එකකි. අප මෙය ස්‌වභාවික යෑයි කියන්නේ මෙකී අවනත වීම පිළිබඳ මෛත්‍රීට කිසිදු ගැටලුවක්‌ නොතිබීම නිසා ය. රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද මෛත්‍රීට ඉහත අර්ථයෙන් ම ගැටලු තිබිය නොහැකි ය. රනිල් ද මෛත්‍රීට අනුව පිදිය යුත්තෙකි. මන්ද ඔහු රදලයෙකි. කට පුරා ‘සර්’ කිව හැකි අයෙකි.

 

RANILMAI

මේ අනුව, චන්ද්‍රිකා කුමාරතුංග හා මෛත්‍රීපාල සිරිසේන අතර පවතින්නේ හිතමිතුරු සබඳතාවක්‌ නොවේ. එහෙත් ස්‌වාමි-සේවක සබඳතාවකි. රනිල්-මෛත්‍රී සමීකරණය ද එවැන්නකි. රනිල් මෙන් ම චන්ද්‍රිකා ද මෛත්‍රීපාල ව තඹයකට තකන්නේ නැත. මේ දෙදෙනා ම ඔහු ව පොදු අපේක්‌ෂකයා කිරීමේදී කිසිදු දෙගිඩියාවක්‌ නොදක්‌වන්නේ මෛත්‍රීට තම ස්‌වාමි පන්තිය අභිබවා යැමේ සටන්කාමිත්වය නැති නිසා ය.

මෛත්‍රීපාල සේ ම මහින්දට ද සුද්දා හා ඔහුගේ දේශීය නියෝජිතයා වන රදලයා කෙරෙහි වන භක්‌තියක්‌ තිබුණ ද අවශ්‍ය තැන දී ඊට එරෙහි වීමේ ධෛර්යක්‌ හා සටන්කාමිත්වයක්‌ ද හිමි ව තිබුණේ ඉහත පසුබිම තුළ ය. මෙකී සටන්කාමිත්වය හා ධෛර්ය නොතිබෙන්නට, 2005 වසරේ දී මහින්ද රාජපක්‌ෂ වෙත ජනාධිපතිධූර අපේක්‌ෂකත්වය හිමිවන්නේ නැත. ඔහු එය කැරලි ගසා දිනාගත් එකකි. එසේ නොවන්නට, මහින්ද රාජපක්‌ෂ යනු තාමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සජිත් ප්‍රේමදාස ය. කෙසේ වෙතත්, මහින්ද තම පක්‌ෂයෙන් ජනාධිපති අපේක්‌ෂකත්වය දිනා ගැනීම ද, අනතුරු ව තමාට කට උත්තර නැති වූ යුද්ධය සහමුලින් ම ජය ගැනීම ද, ඒ හරහා මහින්දට මහාවංශයේ දුටුගැමුණු ළඟින් සිට ගැනීමට හැකිවීම ද දරා ගැනීමට චන්ද්‍රිකාට අපහසු විය. මිනිසුන් වන අපට එවන් දේ ස්‌වභාවික ය. චන්ද්‍රිකා ද මිනිසෙකි.

පසුගිය දශකය පුරා ම චන්ද්‍රිකා තමාට අහිමි වූ බලය නැවත කෙසේ හෝ ලබා ගන්නට මාන බලමින් සිටියා ය. 2010 දී ෙµdන්සේකා වේදිකාවට යාන්තම් ‘මුට්‌ටිය’ දමා බැලුවේ එය සාර්ථක නොවන බව දැන දැන ය. අනෙක යම් හෙයකින් සරත් ෙµdන්සේකා ජනපති වුවහොත් ඔහු ව පාලනය කිරීමේ හැකියාවක්‌ තමන්ට නැති බව චන්ද්‍රිsකා විස්‌වාස කළාය ය. සරත් ෙµdන්සේකාගේ යුධ පෞරුෂය ද සිංහල ජාතිකත්වය ද ඇය ව මන්දෝත්සාහී කළා ය. මේ සියල්ලට ම වඩා ඉහළින්, මහින්දගේ පර්වතමය ජනප්‍රියත්වය චන්ද්‍රිකා ව අඟුටුමිටි කර දමා තිබුණි.

2014 වන විට සටන්බිම අලුත් වී තිබුණි. රාජපක්‌ෂලාට එරෙහි ව මාධ්‍ය තුළ ඒකාධිපතිත්වය, වංචාව හා දූෂණය මැදිකරගත් ආඛ්‍යානයක්‌ ගොඩ නංවා තිබුණි. වටින් පිටින් පවතින පාලනයට එරෙහි ව ඇසුණු කතා ද ඇය ව කුල්මත් කළේ ය. ජීවිතය සුන්දර බව කල්පනා කළ ඇය තම කීකරු සේවකයා ඇමතුවේ මහින්ද සමග වන තම කෝන්තරය පිරිමසා ගන්නට හොඳම වේලාව මෙය බව සිතමිනි. මෛත්‍රීපාලට තම ස්‌වාමියාගේ අණට කීකරු වනවා හැරෙන්නට අන් යමක්‌ නොතිබුණි.

එහෙත් තමා කුමන ගමනක්‌ යන්නේ ද, එහි ගමනාන්තය කුමක්‌ ද තම ගමන් සගයන් කවුරුන් ද වැනි කරුණු පිළිබඳ මෛත්‍රීට නිනව්වක්‌ නොතිබුණි. තම ගමන් විස්‌තරය පිළිබඳ සියලු තතු තිබුණේ අන්සතුව ය. ඔහු කළේ තමාට එළියට එන ලෙස අණ ලැබුණු සැණින් එළි බැසීම පමණි. මහින්ද රාජපක්‌ෂ පිළිබඳ ඒ වන විට රනිල් හා ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ගොඩනගා තිබූ විවේචනය පිළිබඳ පවා ඔහුට හාන්කවිසියක අවබෝධයක්‌ නොතිබුණි. තම පළමු රූපවාහිනී වඩසටහනේ දී මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්‌ෂව හඳුන්වන්නේ ‘සොඳුරු ආඥාදායකයා’ යන ආදරණීය වදනිනි. තම නළුවාගේ තරම හඳුනාගත් අනුර කුමාර දිසානායක තම වාරයේ දී එය ‘වියරු ආඥාදායකයා’ ලෙස වෙනස්‌ කළේ ය. ඔහුට රාජපක්‌ෂ දැනුන ආකාරය එහි මනාව දිස්‌ වේ.

 

SAJITH MITHRI

මේ වන විට එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය යන පක්‌ෂ දෙක ම හැසිරෙන ආකාරය දෙස බලන විට පැහැදිලි වන එක්‌ ප්‍රමුඛ සත්‍යයක්‌ තිබේ. ඒ පන්ති සටනයි. චන්ද්‍රිකා කුමාරතුංගගේ පංතිය විසින් මහින්ද රාජපක්‌ෂට එරෙහි ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ ද රනිල් වික්‍රමසිංහගේ පංතිය විසින් සජිත් ප්‍රේමදාසට එහෙහි ව එක්‌සත් ජාතික පක්‌ෂය තුළ ද එකී සටන ඇවිලී තිබේ. චන්ද්‍රිකාට හා රනිල්ට අවශ්‍ය වන්නේ මෛත්‍රී දිනවීම නොව, එහෙත් පිළිවෙළින් මහින්ද රාජපක්‌ෂ හා සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට ය. ඒ අනුව, මෛත්‍රීපාල යනු මහින්ද රාජපක්‌ෂ සමග තිබෙන මෘදු නොරිස්‌සුම හැරුණු කොට අන් කිසිත් නැති අහිංසකයෙකි. ස්‌වාමි භක්‌තිය නිසා තමාගේ ම පංතියට ම එරෙහි ව සටන් කිරීමට හිත හදාගත්තෙකි. මෙම ජනාධිපතිවරණයේ දී අප තීරණය කළ යුත්තේ අප අපගේ පංතිය වෙනුවෙන් සටන් කරනවා ද එසේත් නැතිනම් අපගේ පංතියට එරෙහි ව යුධ ප්‍රකාශ කොට තිබෙන පංතිය වෙනුවෙන් සටන් කරනවා ද යන්න යි.

(DIVAINA)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.