අහිමි කළ වරප්‍රසාද ලබාදෙන බව මෛත්‍රී ගෙන් ෆොන්සේකාට පොරොන්දුවක්

fonseka mithri
සරත් ෆොන්සේකා මහතා අමානුෂික හිරිහැරවලට ලක්වන අයුරු ආණ්ඩු පක්ෂයේ මහලේකම් ලෙස හිඳිමින් වේදනාවෙන් යුතුව බලාසිටින්නට තමාට සිදුවූ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සෝලිස් හෝටලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ තීරණය පිළිබඳ දැනුම්දීමට පැවති ෆොන්සේකා මහතාගේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරියේදී ෆොන්සේකා මහතාට මුහුණදීමට සිදුවූවාටත් වඩා වැඩි ප්‍රතිවිපාකවලට තමාට මුහුණදීමට සිදුවිය හැකි නමුත් නිවටයෙකු ලෙස ජීවත්වීමට වඩා සත්‍යය වෙනුවෙන් ජීවිතය පුදකිරීම වටිනා බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.
.
මෙම මාධ්‍ය හමුවේදී අහිමිකර ඇති ෆොන්සේකා මහතාගේ වරප්‍රසාද සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ
ඡන්ද අයිතිය ඇතුළු අහිමි කළ වරප්‍රසාද තමාගේ ජයග්‍රහණයෙන් පැය කිහිපයක් ඇතුළත ලබාදීමට නොපමාව පියවර ගන්නා බවයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.