ඇප මුදල් තැන්පත් කිරීම අවසන්-දහ නමයක් තරඟයට

ELECTION LANKA

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වෙයි. ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය මස 24 වනදා ආරම්භ වූ අතර මේ මස 5 වනදා දක්වා එම කටයුතු සිදුකෙරිණ. අද (07) පෙරවරු 8.30 සිට දහවල් 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී තිබිණ. අද (07) පෙරවරුව වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 16 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබූ බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ අමරදාස ප‍්‍රකාශ කළේය

ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයෝ මෙසේය.

බත්තරමුල්ලේ සීලරතන හිමි – ජනසෙත පෙරමුණ

, මහින්ද රාජපක්ෂ මහතා – එක්සත් ජනතා නිදහස් සන්ධානය,

මෛත්‍රීපාල සිරිසේන මහතා -නව ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂය,

එම්.බී.තැමිණිමුල්ල මහතා- ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය,

පානි විජේසිරිවර්ධන මහතා- සමාජවාදී සමානතා පක්ෂය,

සිරිතුංග ජයසූරිය මහතා- එක්සත් සමාජවාදී පක්ෂය,

ජයන්ත කුලතුංග මහතා- එක්සත් ලංකා මහා සභාව,

විමල් ගීගනගේ මහතා- ශ්‍රී ලංකා ජාතික පෙරමුණ,

මෞලවි ඉබ්‍රාහිම් හිස්කාර් මොහොමඩ් මිෂ්ලාර් මහතා- එක්සත් සාම පෙරමුණ,

චමින්ද අනුරුද්ද පොල්ගම්පොළ මහතා-

ස්වාධීන, වෛද්‍ය අයි.එම්.ඉල්යාස් මහතා- ස්වාධීන,

දුමින්ද නාගමුව මහතා- පෙරටුගාමී සමාජවාදී පක්ෂය,

ඒ.එස්.පී.ලියනගේ මහතා- ශ්‍රී ලංකා කම්කරු පක්ෂය,

සුන්දරම් මහේන්ද්‍රම්- නව සම සමාජ පක්ෂය,

කටුගම්පළ අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර මහතා-ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,

නාමල් අජිත් රාජපක්ෂ මහතා- අපේ ජාතික පෙරමුණ

සරත් මනමේන්ද්‍ර මහතා- නව සිහළ උරුමය,

රත්නායක ආරච්චිගේ සිරිසේන- දේශප්‍රේමි ජාතික පෙරමුණ,

රුවන්තිලක පේදුරුආරච්චි- එක්සත් ලංකා මහා සභාව.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.