ඉන්දියානු උකුසු ඇස ලංකාවට

 

 

 

ajithmhinda

 

ඉන්දීය ආරක්‍ෂක උපදේශක ලංකාව ගැන කියන දේ….

ගාලු කතිකාවට සහභාගිවීමට පැමිණි ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල් මෙරටින් නික්‌මයැමට පෙර දේශපාලන පක්‍ෂ නායකයන් හා ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සඳහා පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයට බැසිල්, නිමල් සිරිපාල, වාසු, කරු, මංගල, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, පොදු අපේක්‍ෂක මෛත්‍රී, අනුර කුමාර, විජිත හේරත්, සරත් ෆොන්සේකා ද පැමිණ සිටියහ.

INDO LANKA

කලාපීය දේශපාලනය ඇතුළු වත්මන් දේශපාලන මාතෘකා ඔස්‌සේ වූ කතාබහ අතරේ අජිත් දොවාල් කියුවේ “මම මෙයට පෙර පුද්ගලික සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එහෙත් මා ජාතික ආරක්‍ෂක උපදේශක තනතුරට පත්වීමෙන් පසු මෙහි පැමිණියේ කල් තබා යොදාගත් අවස්‌ථාවක්‌ අනුවයි කියාය. “කොහොම වුණත් ජනාධිපතිවරණය ආසන්නයේ ලංකාවට ඒමට ලැබීම සතුටක්‌” යෑයි පැවසූ අජිත් දොවාල් අගමැති මූඩිගේ අදහස්‌ කිහිපයක්‌ ද පැමිණ සිටියවුන් හමුවේ තැබුවේය. “උතුරු – දකුණු කොරියා යුද්ධයෙන් පසු කොරියාව රටක්‌ ලෙස දියුණු වුණේ උතුරත් දකුණත් යාකළ මාර්ගයක්‌ ඉදිකිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකාවත් යුද්ධයෙන් පසු එවැනි මඟක්‌ ඔස්‌සේ ආර්ථිකමය දියුණුවක්‌ ලබාගෙන තිබෙන බව අගමැති මූඩිගේ අදහසයි. මින් ඉදිරියට ශ්‍රී ලංකා ඉන්දීය රජයන් අතර වාගේම ශ්‍රී ලංකා – ඉන්දීය ජනතාව අතරත් මිත්‍රත්වයක්‌ ඇති කිරීමට අගමැති මූඩි ක්‍රියාකරනවා ඇති” ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මේ කතාබහේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාත්, මංගලත් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම ගැනත් කලාපීය දේශපාලනය ගැනත් කතා කළේ බලාපොරොත්තු සහගතවය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පොදු අපේක්‍ෂකයා මෛත්‍රී කලාපීය දේශපාලනය හා වත්මන් දේශපාලන ප්‍රවණතා ගැන දරන අදහස්‌ පළ කළයුතු වුවත් අජිත් ද සිටියේ එම කාරණා ගැන යම්කිසි දැක්‌මක්‌ ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයකය. අජිත් දොවාල් මේ ගැන මෛත්‍රී සමඟ කතාකරන්නට එළඹෙත්දී මංගල හා චන්ද්‍රිකා ද එතනට එක්‌වූහ

 

උපුටා ගැනීම ඉරිදා දිවයිනෙන්

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.