උතුරේ හමුදාව නාසි හමුදාව වගේ… විග්නේෂ්වරන් ස්විස්ටර්ලන්තයට කේලම් කියයි.

swissසිවිල් පරිපාලනයක් උතුරේ ක්‍රියාත්මක බව රජය ප්‍රකාශ කළත් ලක්ෂයකට වැඩි හමුදා භට පිරිසක් උතුරේ රදවා ඇත්තේ ජර්මන් හමුදාව ලෙස බව පවසන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජනජීවිතයට බාධාවක් වී ඇති පවසයි.

ස්විස්ටර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබද ඇමතිනී සිමෝනිටා සොමාරු 3දා දහවල් යාපනයට පැමිණ ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඔහුව හමු වූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පලකොට ඇත්තේ අමාත්‍යවරිය නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
යුදමහුදාවේ විශාල පිරිසක් උතුරේ රැදීසිටීම නිසා මේ වසරේ ගත වූ කාලය තුළ සාමාන්‍ය වැසියන් අනවශ්‍ය වධබන්ධන වලට ලක්වීමේ සිද්ධීන් දාහතක් වාර්තා වී ඇති බවද විග්නේස්වරන් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.

යුද්ධය පැවති වසර තිහක කාලයේම දෙමළ වැසියන්ට යුදහමුදාව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නොව කතා කිරීමටවත් ඉඩ නොදුන් බව කියන ප්‍රධාන අමාත්‍යවරයා වර්තමානයේදී සාමයක් එළඹ ඇතත් සිදුව ඇත්තේද එම තත්ත්වයම බව ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියට පවසා ඇත.
හමුදාව උතුරේ රැදී සිටිමින් මහජනතාව සතු ඉඩම් කොල්ල කන බවත් රජය එය නතර කිරීමට කටයුතු කරණ වබ පැවසීමෙන් පසුවද උතුරේ ඉඩම් අක්කර 4500 ක් පමණ අළුතින් අත්පත් කරගෙන ඇති බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානය හා දෙමළ ජනතාව රජයට පූර්ණ සහය පලකරණ නමුත් රජය දෙමළ ජනතාවට වූ පොරොන්දු ඉටු නොකරණ බවට චෝදනා කරන සී.වී.විග්නෙස්වරන් ප්‍රරධාන අමාත්‍යවරයා ඊට උදාහරණ වශයෙන් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු කරුණු කීපයක්ම ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියට පෙන්වා දී තිබේ.
ප්‍රධාන අමාත්‍යවරයා ස්විස්ටර්ලන්ත අමාත්‍යවරියගෙන් ඉල්ලා ඇත්තේ උතුරේ මෙම සැබැ තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙනගොස් රජයට යම් බලපෑමක් කොට උතුරේ ජනතාවට සහනයක් සලසා දෙන ලෙසයි.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.