උසාවියට ගරු කළ මාධ්‍ය ප්‍රකාශය හේතුවෙන් මුතුහෙට්ටිගමට ඇප

Nishantha-SAM_0588

 

වරෙන්තු පිට සිටිය දී සිංගප්පූරුවට යන අවස්ථාවේ දී උසාවියට ගරු කරමින් 29 දා උසාවියට ඉදිරිපත් වන්නේයැයි  කළ මාධ්‍යය  ප්‍රකාශය නිසා නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප ලබාගත් හැකිවී තිබේ.

බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා ඇප ලබා දෙමින් කියා සිටීයේ මුතුහෙට්ටිගම මහතාට  බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ පොලිසි අටකට ඇතුළුවීම තහනම්  බවයි.

නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම නඩුව අවසන්වනතුරු වදුරඹ, බද්දේගම, යක්කලමුල්ල, උඩුගම, නෙළුව, හිනිදුම, නාගොඩ හා පෝද්දල පොලිසිවලට ඇතුළු වීමට අවසර නැත.

රුපියල් ලක්ෂ පහ බැගින් වූ සමීපත ම ඥාතීන්ගේ ශරිර ඇප දෙකක් මත මුදාහළ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය ද උසාවි භාරයට ගැනින.

ඔහු වැනි මහජන නියෝජිතයන්ගේ චර්යාව දෙස ලෝකයම බලා සිටින බැවින් ආදර්ශවත් ලෙස හැසිරෙන්නැයි ද මහේස්ත්‍රාත් වරයා මුතුහෙට්ටිගම මහතාට අවවාද කළේය.

ඇප ලබා ගැනීමෙන් පසුව මුතුහෙට්ටිගම මහතා  දැක්වූ අදහස් පිළිබඳව වාර්තා කරන  මව්බිම  පුවත් පත 

මම අධිකරණයට භාර වෙන්න හිටියේ. එහෙත් පොලිසිය කළේ නින්දිත වැඩක් බව සුළු අපනයන බෝග කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවැසීය.
ඇප මත මුදා හැරීමෙන් පසු බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.
මට බද්දේගම අධිකරණය මඟින් විවෘත වරෙන්තුවක් නිකුත් කොට තිබුණා. පෞද්ගලික කට යුත්තකට සිංගප්පූරුවට ගියා. අධිකරණයට භාරවෙන්න ලංකාවට ආවා. කටුනායක ගුවන්තොටුපොළේදී මාව අත්අඩංගුවට ගත්තා. පොලිසිය නින්දිත විදියට වැඩ කළේ මා දහම් පාසල් ගොස් තියෙනවා. විහාරස්ථාන සමඟ සමීපව කටයුතු කරනවා. බෞද්ධ පරිසරයක තමයි හැදී වැඩුණේ. අධිකරණයට මා ගරු කරනවා.ඇප ලැබීම ගැන සතුටුයි. ජනාධිපතිවරයාට වැඩ කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
ගාල්ල කඩවත්සතර හා තල්පෙපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන නාහිමියන්ද අධිකරණ භූමියට වැඩමකොට සිටියහ. ජේ‍යෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.