ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහින්දට

thissak

 

 

 

 

 

එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කර තිබේ.

ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් කාර්යාලය නිවේදනය කළේ, අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණි තිස්ස කුට්ටිආරච්චි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ බව ය.

ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට උපරිමයෙන් කැප වී කටයුතු කරන බව ද තිස්ස කුට්ටිආරච්චි මහතා එහිදී පවසා තිබේ.

ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 5ක් පමණ කටයුතු කර ඇති ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහියංගනය ආසන සංවිධායකවරයා ය.

ජනාධිපතිවරණය, එක්සත් ජාතික පක්ෂය, ඌව පළාත් සභා මන්ත්‍රී, තිස්ස කුට්ටිආරච්චි,ජනාධිපති, මහින්ද රාජපක්ෂ

පසුගිය පළාත් සභා මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ  තිස්සකුට්ටිආරච්චි මානප  ඡන්ද 18,265ක් ලබා ගනිමින් ඌව පළාත් සභාවට තේරී පත් විය.

 

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ධනුක විශ්වජිත් මහතා ජනපතිවරණයේදී සිය සහාය පොදු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.  –

[vsw id=”/s3bVR-gcQ98″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.