එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදේ

unpබැදුම්කර වංචාව පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයට එරෙහිව නැගෙන චෝදනා හමුවේ කෙසේ කටයුතූ කළයුතුද යන්න පිළිබඳව මත භේදාත්මක තත්වයක් හට ගෙන තිබේ.

මහ බැංකුව සමඟ පැවැත්වූ බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගම රුපියල් බිලියන පහළොවක් මාස පහළොවක් තුළ උපයා ගැනීමේ සිද්ධිය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අගමැතිවරයා තනතුරෙන් ඉවත් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මේ අභියෝගයට මුහුණ දීම සඳහා කෙසේ ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව ඇතිව තිබෙන විවාදාත්මක තත්වය හමුවේ එක පිරිසක් කියා සිටින්නේ අගමැතිවරයා කොන්දේසි විරහිතව ආරක්ෂා කල යුතු බවයි. මේ පිරිස මුලික වශයෙන් මේ සිදුවීම නීතිපතිවරයාට යොමු කොට අධිකරණයට යොමු කොට නිරාකරණය කර ගත යුතු බව කියන පිරිසයි. කල් ගතවීම සහ ගණුදෙනුවේ සංකීර්ණ ස්වරූපය හේතුවෙන් තමන්ට වාසිදායක ලෙසින් මේ නඩුව තීන්දු වීමට ඉඩ ඇති බව මේ පිරිස විශ්වාශ කරති.

දුම් බෝම්බ
ආචාර්ය හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, එරන් වික්‍රමරත්න ආදීන් මෙම නඩුව ගොනු කිරීමේ වැදගත්කම අවධාරණය කරන්නේ මහ බැංකුවේ මීට පෙරත් මෙවැනි දේ සිදුවූ බව කියමින් මෙය සිදුවීමක් වසං කර ගැනීමට දුම් බෝම්බයක් ගැසීම හා සමන වේ. කෝප් කමිටු අවස්ථාවේදී වාර්තාවට පාද සටහන් ඔස්සේ පදනමක්‌ නැති බොල් තර්ක ඉදිරිපත් කරමින් තත්වය ව්‍යාකුල කිරීමට උත්සාහ කළ පිරිසත් මේ දුම් බෝම්බ කල්ලියට අයත් වේ.

ඉවසුවා ඇති
අනෙක් පාර්ශවයේ ප්‍රධාන මෙහෙයුම්කරු සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන සජිත් ප්‍රේමදාස සහ ඔවුන් ගේ හිතවතුන්ය.වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බව කියමින් සජිත් තිස්සමහරාමයේදී  කළ කථාව පක්ෂයේ අවධානයට ලක් වී ඇත. ඇතිවී තිබෙන තත්වය හමුවේ සජිත්ට නිතර සහයෝගය දක්වන සිරස කියා සිටින්නේ ‘ඉවසීමට සීමාවක් ඇති බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.