එදා යාපනය පුස්තකාලයට ගිනි තැබීම ගැන අගමැති අද සමාව ගනී…

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවැති කාලයේදි යාපනය පුස්තකාලයට ගිනි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ  පාර්ලිමේන්තුවේදි අද (06) ප්‍රකාශ කළේය.
නැවත පදිංචි කිරිම් සranil-at-palimentම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා වූ ඩි.එම්. ස්වාමිනාදන් ට දොස්නගමින් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්  කතා කරද්දි නැගි සිටි අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද ඝෝෂා කරමින් අගමැතිවරයා වෙත බාධා කරන්නට වූහ. එහිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් අගමැති
රනිල් වික්‍රමසිංහ මෙසේද කීය.
උතුරේ ජනතාවට අපි රැකියා දෙනවා. ආයෝජන කර්මාන්ත ලබා දෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවෙනි සංවත්සරය වෙද්දි අපි විශාල වැඩකොටසක් උතුරේ ආරම්භ කරනවා.
(සභාවේ ඝෝෂා)
ඔබගේ පක්ෂයේ නායකයාගේ පදවි ප්‍රාප්තියට ඇවිල්ලා මේකට සහාය දෙන්න. ඇයි නායකතුමාගේ පදවිප්‍රාප්තියට යන්නේ නැද්ද?….
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු යළි බාධා කරයි)
අපේ කාලයේ යාපනය පුස්තකාලය ගිනි තිබ එක ගැන මම සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද ….. ඇයි සමාව ඉලන්නේ නැද්ද

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.