එම්.කේ.ඩී.එස්.ගේ ලන්සුව කෝටි විසි පහක්

mkds gunawardana

ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ හිටපු බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා තව දුරටත් ආණ්ඩුව තුල රඳවා තබා ගැනීම සඳහා කෝටි 25 ක අල්ලසක් ලබාදීමට රජයට සම්බන්ධ ප්‍රබලයකු උත්සාහ ගත් බව ඒ ම්හතා පැවසීය.

‘. මා පක්ෂයෙන් ඉවත් වු පසු එක්තරා සභාපතිවරයකු මගේ කොළඹ නිවසට පැමිණ අපාසු එන්න කීවා. මා එම ආරාධනය පිළිගත්තේ නැහැ‘යි එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ පක්ෂ කාර්යලයේදී කියා සිටියේය..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායකව සිටි ගුණවර්ධන මහතා ශ්‍රී ලනිපය හැර යාමෙන් පසු ඔහු කන්තලේට ආ ප්‍රථම අවස්ථාව මෙයයි.
දුෂිත ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමට අවස්ථාවක් ලැබෙනතුරු තමන් බලා සිටි බව හිටපු ඇමතිවරයා රැස්ව පිරිසට කියා සිටියේය.
මේ අතර වාරේ ආන්ඩුවෙන් ඉවත් නොවීම සඳහා අල්ලස් ලෙස විශාල මුදලක් ලබා දෙන්නට උත්සාහ කල බවට ආන්ඩුවෙන් ඉවත් වූ හිටපු ඇමති නවීන් දිසානායක මහතා කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ජනාධිපති මහින් රාජපක්‍ෂ මහතා නියෝග කොට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.