ඒ 9 පලෙයි වලදී ලේ විලක් වෙයි… 5 මරුට

දිනසේන රතුගමගේ

palleyi6යාපනය මහනුවර ඒ- 9 මාර්ගයේ පලෙයි ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා වෑන් රියක්  අද (15 ) උදෑසන එකිනෙක මුහුණට මුහුණ ලා ගැටීමෙන් පස්දෙනෙකු මරුමුවට පත් වී හය දෙනෙකු තුවාල ලබා තිබේ.

යාපනයේ සිට වවුනියාව බලා පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා වවුනියාවේ සිට යාපනය බලා යමින් තිබූ වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව පලෙයි පොලීසිය පැවසීය.

paleyi4තුවාල කරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති අතර මියගිය අයගේ මළ සිරුරුද තැන්පත් කොට ඇත්තේ කිලිනොච්චිය රෝහලේය.

සිද්ධිය වූ ස්ථානයේදීම හතර දෙනෙකු මරුමුවට පත් වී  ඇති අතර  අනෙක් තැනත්තා මියගොස් ඇත්තේ කිළිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි.

paleyi-1පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි. සිද්ධිය වූ ස්ථානයේදීම හතර දෙනෙකු මරුමුවට පත් වී  ඇති අතර  අනෙක් තැනත්තා මියගොස් ඇත්තේ කිළිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි.

පලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.