ඔස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට ප්‍රහාරයක්

ausmonis

හරොන් මොනිස්

පොලීසිය සිඩ්නි නුවර ආපන ශාලාවට කඩා වැදී     ප්‍රාණ ඇපකරුවන් බේරා  ගනිද්දී එක්  ප්‍රාන ඇපකරුවෙක් මිය ගිය අතර ප්‍රාණ ඇපකරුවන් තබා ගෙන සිටි පුද්ගලයාද පොලිස් වෙඩි පහරින් මිය ගියා.

සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලාවකදී පුද්ගලයන් කීහිප දෙනකු ප්‍රාණ ඇපයට ගත්  තුවක්කුකරුවකුවා  ඉරාන ජාතික සරණාගතයෙක්.

ලිංගික අතවර කිරීම් ඇතුළු තවත් වැරදි කීපයකට  මේ පුද්ගලයාහට චෝදනා හතලියක් පමණ ගොනු වී තිබෙනවා.

තමන් ඉස්ලාමීය පූජකයෙක් යැයි කියා ගන්නා  හතලිස් නව  හැවිරිදි හරොන් මොනිස් හුදෙකලාව ක්‍රියාත්මක වූ පුද්ගලයෙක් බවයි සැක  කෙරන්නේ.

ප්‍රාණ ඇපකරුවන් කීප දෙනෙකුට හෝටලයෙන් එලියට පලා ආ  පසුවයි පොලීසිය වැටලීම සිදු කළේ.

  ඉස්ලාමීය කළු කොඩියක්

මෙම හෝටලයේ කවුළුවකින් අරාබි අක්ෂර සහිත ඉස්ලාමීය කළු කොඩියක් දක්නට  ලැබුණි.

ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන මුස්ලිම් කණ්ඩායම් මේ කොඩියේ පුවත නිසා තැතිගෙන තිබෙන්නේ  මුස්ලිම් විරෝධයක් පැතිර යාමට ඉඩ තිබෙන හෙයින්.

 

මේ සිදුවීම ගැන තමන්ගේ දැඩි අවධානය යොමුවී ඇති බ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඕස්ට්‍රේලියානු අගමැති Tony Abbott  ට ට්විටර් පණිවිඩයකින් දන්වා යැවුවා.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.