කඩේ නොගිය ස්වර්ණා

140204150657_swarna_mallawarachchi_351x351_swarnamallawarachchi

ස්වර්ණා මල්ලව ආරච්චි යළිත් සිනමාවට පිවිසෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කල අරගලයක ජයග්‍රහණය තුරුළු

කර ගනිමිනි. නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය යටතේ සිනමාවට පිවිසෙන ඇය නැවුම් දවසක් ගැන කල්පනා කරනවා.

අද දවසේ ජංගම දුරකතනය කනේ ගහගෙන සෙට් එකේ වැඩ කරන නළු නිළියන් ගැන කනස්සල්ල පළකර සිටියේ සිනමාවට යළිත් අවතීර්න

වීමත් සමඟයි. මේ නවක නළු නිළියන්ට ඇගෙන් ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණත් මේ සටහන ඊට වැඩි යමක්

කියන්නයි. ස්වර්ණා පිලිකාවට මුහුණ දුන්නේ ධෛර්යය සම්පන්න ලෙසිනි. ඊට එරෙහිව ඇය කළ අරගලය

ෆැන්ටාස්ටික්ය(fantastic). ඇගේ වචනෙන් කියතොත් මම කන්ද මුදුනට නැඟලා ඉන්නේ. ආයෙත් කඳු මුදුනේ ඉඳලා

පල්ලෙහාට බහින්න මට කිසි උවමනාවක් නෑ යැයි ඇය කියන්නේ මුව පුරා පැතිරෙන මන්දස්මෘතියත් සමඟයි.

ස්වර්ණාගේ පුනරුප්පත්තිය, අධිෂ්ඨානය ආදරය සහ මිනිස් සත්කාරය පිළිබඳ කතාන්දරයයි.

දීර්ඝව දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන හැමදෙනාටම බිත්තියේ එල්ලා ගෙන තබාගත යුතු කතාන්තරයකි ස්වර්ණාගේ

කතාව. මොළේ සියුම් ස්නායු ලක්ෂ සංඛයාත ප්‍රමාණයක් සෙතින් එහා මෙහා වෙද්දී පියයුරු පිළිකාව හේතුවෙන්

දකුණු පියයුර සෙතින් ඉවත් වෙද්දි ඇය දෙවියන් පිළිබඳ අචල විශ්වාසයෙන් යුතුව ඒ සියල්ලට මුහුණු දුන්නාය.

වෛද්‍ය එස්. පෙරේරා ඇය ළඟ හුන් දියණිය හා ධර්මසිරි බණ්ඩාරනායකට කියා සිටි‍යේ ශල්‍ය කර්මයෙන් පසුව

ඇයට ඇතැම්විට කතා කිරීමට නොහැකි විය හැකි බවයි. ඒ හා සමාන රෝග තත්වයකින් පෙළුනු පහළොස් හැවිරිදි
දරුවෙක් ඇයට දැක ගන්නට ඉඩ ලැබිණ. ඇය හිත හදාගෙන ශල්‍යකර්මයට මුහුණ දුන්නාය. එය කියන විට අදත්

ඇගේ දෑස් දිදුලයි.

140204151546_swarna_mallawarachchi_351x351_swarnamallawarachchi(1)

 
ස්වර්ණාගේ අධිෂ්ඨානය ස්වර්ණමයයි.

මේ කර්තව්‍යයේ වියදම බොහෝ හෙයින් ජනාධිපති අරමුදල සහ ඇගේ දියණියත් නිතරම ඇය වටා

සිටියහ. කිසි දිනක තමන් වෙනුවෙන් කඩේ නොගියත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇයට දුරකතනයෙන් කතා

කරමින් කියා සිටියේ තමන් ඇය ලඟ සිටින බවයි. කොන්ඩය හැලී ගියත් ‘දැන් මම තට්ටයට ෆැෂන් කරනවා කියා‘

ඇය සිනාසෙන්නීය. ඇගේ සිනහව වෙනදාට වඩා පියකරුය.

ස්වර්ණාට දිරිය දෙමින් කථා කළ පිරිස අතරේ ජනාධිපති මහින්ද රාජපක්ෂත් සිටි බව ඇය සඳහන් කරන්නේ කෘතවෙදීවයි.එහෙත් ඇය මහින්ද වෙනුවෙන්
කඩේ යන පිරිසට එක්නොවුයේ හිතවත්කම සහ දේශපාලනය වෙන් කොට තබා ගැනීම අදීන කලාකරුවෙකුගේ ගුණාංගයක් බව ඇය දන්නා හෙයිනි .

 

swarna6

With the life time achievement award from Hiru golden film festival 2014 ! Hmmmm…. I am back in the Arena !- a face book entry from Swarna

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.