කඳුකරයේ කුණාටුවක්-නවීන්- දිගම්බරන්- රාධාක්‍රිෂ්ණන්

 

digaandrada

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති පී. දිගම්බරන් සහ උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු නියෝජ්‍ය ඇමැති එස්‌. වී. රාධාක්‍රිෂ්ණන්  දැන් මෛත්‍රීපාල සිරිසේන සමගය.

මීලග  තීරණාත්මක ප්‍රශ්නය වන්නේ  ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් සහ පිරිස කුමක් කරන්නේද යන්නයි. ජනාධිපතිවරණය සඳහා හෙට නාමයෝජනා භාරදීමට පෙරදා  සූදානම් ව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී හමු වී ඔහුට සළුවක් පළඳා ඔවුන්  ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පල කරන ඡයාරූප මාධ්‍ය වෙත බෙදා හැර තිබුණි.

එහෙත්  දිගම්බරන් ගේ ජාතික කම්කරු කොංග්‍රසය සහයේ රාධක්‍රිෂ්ණන් ගේ  කඳුරට ජනතා පෙරමුණ අනෙක් පැත්තට

එක්වීමත් සමග තමන්ගේ වැඩපිළිවෙල ගැන තොන්ඩමන්ට යළිත්  සිතා බැලීමට සිදුවෙනු ඇත.

estate

 

වතුකරයේ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ නායකයින්ට අවනත වෙමිනි. දැන් කාලාන්තරයක් තිස්සේ තොන්ඩමන් ගේ බලපරාක්‍රමය බිඳ වැටෙමින් පවතී.අනෙක් අතට වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නයක් වූ ඉඩම් ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව අසමත් වී ඇත.

2010 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් තරග කළ දිගම්බරන් මහතා තේරී පත් වුනේමනාප ඡන්ද 39490 ක්‌ ලබා ගනිමිනි.

රාධාක්‍රිෂ්ණන් මහතා මනාප ඡන්ද 54083 ක්‌ද ලබා ගත්තේය.

මෙම නියෝජ්‍ය ඇමති වරුන් දෙදෙනා සමග පළාත් සභා මන්ත්‍රිවරුන් සිව්දෙනෙකු සහ ප්‍රදේශීය සභා මන්ත්‍ර්වරුන් 34 දෙනෙකු සිටිති.

අනෙක් අතට කඳුකරයේ ඡන්ද  පදනමක් ඇති නවීන් දිසානායක ද පොදු අපේක්ෂකයා සමගිනි.

Naveen_dissanayake-315x200

තොන්ඩමන්ට වහාම පැති මාරු කිරීමේ අවශ්‍යතාවක් නැති වුනත් වටපිටාව අවාසි නම් ඔහු  ගේ පක්ෂය යටපත් වු හඬක් වනු ඇත.

අනෙක් අතට බල පෙරළියක සලකුණු දැනේ නම් ඇල්මැරුණු අකාරයකට කටයුතු කිරීම ඉදිරි වැඩ තකා වාසිදායක  වනු ඇත.

දිගම්බරන් – රාධාක්‍රිෂ්ණන් නික්ම යාම කඳුකරය මහින්ද රාජපක්ෂට අවාසිදායක කලාපයක් වීමේ ආරම්භක පියවර විය හැකිය.

මේ ප්‍රවනතාව සමස්ත ප්‍රතිපලයට කරන බලපෑම දැන්ම කිව නොහැකිය.

තේ කෝප්පයේ කුණාටුව කඳුකරයේ කුණාටුවක් වීමේ ඉඩකඩ නොතාකා හැරිය නොහැක.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.