කඳුකරයේ කුණාටුව පටන් ගනී-නුවරඑළිය ප‍්‍රාදේශීය සභාව එ ජා පයට

nuwara-eliyatrain

 

 

කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශනායක වී.රාධාක‍්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වීමට ඊයේ (10) ගත් තීරණයත් සමගම මෙතෙක් සන්ධාන රජයට බලය තිබූ නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.

නුවරඑළිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් විසිඑක් (21) දෙනෙකුගෙන් සමන්විතවේ.

මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රීවරු 16 ක් සහ විපක්ෂය නියෝජනය කරමින් එජාප මන්ත්‍රීවරු 3 දෙනෙක් සිටි අතර පක්ෂ මාරුවත් සමග විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 18 ක් බවට පත්ව ඇත.

මන්ත්‍රීවරු 16 දෙනකු සිටි සංධානයට දැන් සිටිනුයේ තිදෙනෙකි. මන්ත්‍රීන් පස් දෙනකු සිටි විපක්ෂයට දැන් මන්ත්‍රීහු 18 දෙනෙක් සිටිති. සන්ධානයට මන්ත්‍රීවරු තිදෙනෙකි. ඔවුහු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසයෙනි.

මේ අනුව කඳුරට ජනතා පෙරමුණේ 7 , කම්කරු ජාතික පෙරමුණ 4 , එක්සත් ජාතික පක්ෂය 5 කි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 21 කි.

ප්‍රාදේශීය සභාවේ සභාපති කඳුරට ජනතා පෙරමුණේ එස්.සදාසිවම් මහතා දැරූ අතර ඔහු කියා සිටියේ පක්ෂ මාරුවත් සමග විපක්ෂයට මන්ත්‍රීවරු 18 දෙනෙක් සහ සන්ධානයට මන්ත්‍රීවරු 3 ක් ලෙස ඊයේ (11) සිට නුවරඑළිය ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මක වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.