කරදරයක් වුනාම කව්රුවත් නැහැ- මුතුහෙට්ටිගම සින්ගපුරුවේ සිට

 

 

 

mutthu

 

රටින් පිටවූ බව කියන නිශාන්ත මුතුහෙට්ටිගම සිට කරන් කථාවක හඬපටය  අන්තර්ජාලයට එක කොට ඇත.

ඔහු කියා සිටින්නේ තමන් දින දෙක ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 306 යානයෙන් සිකුරාදා අලුයම එකට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පිටත්ව පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපොළේ නිලධාරීන් තමන්ට “ඉතා හොඳින් සලකූ” බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

‘මේ දැන් මා සිංගප්පූරුවට ආවා විතරයි. කරදරයක් වුණාම කවුරුවත් නෑ. මගේ ආරක්ෂාව සලසා ගන්න මං අද අලුයම මිතුරන් දෙදෙනකු සමග රටින් පිටවුණා. ගුවන් තොටුපළේදී කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ‘‘

 

ශ්‍රීලංකාවට පැමිණීමෙන් පසුව උසාවියට භාරවෙන බව ඔහු පැවසීය.

ජනාධිපති තුමන් ජයග්‍රහණය කරන විට ඔහු ලඟින් සිටිය යුතු බවත්  මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.

 

 

[vsw id=”/ecKARFYoF_c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ලංකාදීප එසැණ පුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් ඇසූ ප්‍රශ්න

වරෙන්තු නිකුත්ව තිබියදී නියොජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ  මහතාගෙන් ලංකාදීප එසැණ පුවත් ඇසූ ප්‍රශ්න සහ ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රටින් පිටව යාමට ගුවන් තොටුපළට එන බවට බ්‍රහස්පතින්දා (25) රාත්‍රී 10.56 ට 119 දුරකථන අංකයට යමෙකු දැනුම් දී තිබේද? ඊට පසුව දෙවරක්ම ඔබේ කාර්යාලයටත් දැනුම්දී ඇද්ද?

පිළිතුරු – මට එසේ තොරතුරු ලැබී තිබෙනවා. ලැබුණු දුරකථන අංකය පිළිබඳව රාජකාරි නොකරම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.

ප්‍රශ්නය – නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ප්‍රකට පුද්ගලයකු ගුවන් තොටුපළින් පලා ගියේ කෙසේද?

පිළිතුරු – ඔහු ගොස් තිබෙන්නේ ප්‍රභූ පර්යන්තය ඔස්සේ එහි පොලිස් නිලධාරීන් නැහැ. අනෙක අප ඔහුට රටින් පිටව යාම තහනම් කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණෙත් නැහැ.

ප්‍රශ්නය – බද්දේගම අධිකරණය මේ වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ පොලිස්පතිවරයා වෙතටය.

පිළිතුරු – ඔව්, එය බදාදා තැපැල් කළ බවට ආරංචියි කෙසේ වෙතත් මේ වන විට එය පොලිස්පතිවරයාට ලැබී තිබුණේ නැහැ.

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.