කලුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙක් රෝහළ තුළ තරුණියක් කෙළෙසලා…

womanවෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා පැමිණි 22 හැවිරිදි තරුණියක දකුණු කොළඹ (කළුබෝවිල) ශික්‍ෂණ රෝහලේදී වෛද්‍යවරයකු විසින් අතවරයට ලක් කිරීමක් පිළිබද වාර්තා වීමත් සමග  ඒ පිළිබදව විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා එම වාර්තා ඉදිරිපත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  එම රෝහල් අධ්‍යක්‍ෂවරයාට නියෝග කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස්‌ මත අදාළ නියෝගය නිකුත් කර තිබේ.

මෙම සිද්ධියේ සත්‍ය අසත්‍ය බව පිළිබඳ සොයා බලා නිවැරදි විමර්ශනයක්‌ සිදුකර අදාළ වාර්තා ලබාදෙන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී තිබේ.

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන   සිද්ධිය පිළිබඳව මෙසේ කීය.

මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අප රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්‌ නොවෙයි. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය මහාචාර්ය ඒකකයේ පශ්චාත් උපාධි අපේක්‍ෂක වෛද්‍යවරයෙක්‌. මේ සිද්ධියට අදාළ වාර්තා අද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කරනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.