කවුරුන් ජනාධිපති වුවත් ජුනි මස මුල මහ මැතිවරණය -දිවයින

parli

දිවයින පුවත්පත වාර්තා කරන අන්දමට

 

ජනවාරි 08 දා පවත්වන ජනාධිපතිවරණයෙන් ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජනාධිපතිවරයා වුවත් ලබන වසරේ ජුනි මස මුලදී මහ මැතිවරණයක්‌ පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව අප්‍රේල් මස අවසානයේ දී විසුරුවා හැරීමටද නියමිතය.

තමන් යළි ජනාධිපති ධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද තීරණය කර ඇති අතර ඒ අනුව අප්‍රේල් මස එය සිදු කෙරෙනු ඇතැයි ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ “දිවයින ඉරිදා සංග්‍රහය” ට පැවසීය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් වරප්‍රසාදය ලැබෙන්නට නම් වසර පහක කාලයක්‌ මන්ත්‍රී ධුරය දැරිය යුතුය. ඒ අනුව ඔවුන්ගේ වසර පහ සම්පූර්ණ වන්නේ අප්‍රේල් මාසයේ දී බැවින් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්‌ නැතැයිද ඉහත ප්‍රකාශකයා කීවේය.

විපක්‌ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වූවොත් වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සභාවක්‌ ලෙසට පත්කර විධායක ජනාධිපති ක්‍රමය ඇතුළු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ කිරීමට තීරණය කර ඇති බවට පොරොන්දු වී තිබේ.

අප්‍රේල් මාසය දක්‌වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එම අපේක්‍ෂකයාද සූදානමක්‌ නොමැති බව ඒ අනුව පැහැදිලි වන බව ඉහත ප්‍රකාශකයා කීවේය.

මේ නිසා ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජනාධිපතිවරයා වුවද අප්‍රේල් මාසය අවසාන වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්‌ සිදු නොවන බවද එම මාසයේ අවසානයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයිද ඉහත ප්‍රකාශකයා කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.