කැබිනට් ඇමතිකමක් සමග තොණ්ඩමාන් ශ්‍රීලනිප ඡන්ද සටනට ?

thondaman2දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමක් හමුවේ තොණ්ඩමාන් යළිත් වරයක් ස්වකීය කැබිනට් ඇමතිකම හා තම පක්ෂයට අවශ්‍ය පළාත් සභා ඇමතිකම පිළිබඳ ඉල්ලීම කර තිබේ.

මේ ඉල්ලීම කෙරෙන්නේ පසුගිය සතියේ බත්තරමුල්ලේ  තෝණ්ඩමාන් නිවසේ දී විශේෂ දේශපාලකයින් කණ්ඩායමකට ආරාධනා කර සංවිධානය කළ සාදයකයදී ය. මේ අවස්ථාවේදී දුමින්ද හා මහින්ද අමරවීර වෙත දිගින් දිගටම ස්වකීය ඉල්ලීම ඉදිරිපත් කරන තොණ්ඩමාන් පවසා තිබුණේ තමන්ට දැන් වතුකරයේ බලය නොමැති බවත්, එම බලය නොමැතිව ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කළ හැකි දෙයක් නැති බවත්ය. මේ වනවිට වතුකරයේ දේශපාලන බලය ඇත්තේ පලනි දිගම්බරම් අත බව කියූ ඔහු දිගම්බරම් එක්සත් ජාතික පක්ෂයේ වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලපාන ආකාරය පැහැදිළි කළේය.

ඉදිරි මැතිවරණයේදී තොණ්ඩමාන් හා එක්ව වතුකරයේ දේශපාලනය කිරීමට සූදානම්වන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඉල්ලීම කෙරෙහි වැඩි අවධානය යොමු කර ඇති බවත්, තොණ්ඩමාන්ගේ කොන්දේසි සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සාකච්ඡා කිරීමට දුමින්ද දිසානායක එකග වී ඇති බවත්,  ඉදිරියේදී තොණ්ඩමාන් සතුටු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලෙසනු ඇති බවත් විශේෂ දේශපාලන ආරංචිමාර්ග ලංකා නිවුස්ලයින් වෙත හෙළි කරයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

6 thoughts on “කැබිනට් ඇමතිකමක් සමග තොණ්ඩමාන් ශ්‍රීලනිප ඡන්ද සටනට ?

  • September 19, 2016 at 1:16 am
    Permalink

    මෙය විතරයි මදි වෙලා තිබුනේ

    Reply
  • September 19, 2016 at 1:17 am
    Permalink

    අහිංසක වතු කම්කරුවන්

    Reply
  • September 19, 2016 at 1:17 am
    Permalink

    පරාජය කලයුතු දේශපාලනයක්

    Reply
  • September 19, 2016 at 1:18 am
    Permalink

    සිරාට පාලුත් ඇති නේ

    Reply
  • September 19, 2016 at 1:19 am
    Permalink

    මේක රනිල් ගේ සෙට් එකක්

    Reply
  • September 19, 2016 at 1:21 am
    Permalink

    මුන්ට ගන්න තියෙන්න් මඩු වලිග

    Reply

Leave a Reply

Your email address will not be published.