කැළණි සරසවි වර්තාවේ ජය මහින්දට -කොළඹ වාර්තාවේ ජය මෛත‍්‍රිට

 

09-19-2013srilankaelect

මීට දින කිහිපයකට පෙරාතුව නිකුත් කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්‍ෂණයක වාර්තාවක දක්වා තිබුනේ  මේ වනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවයි.එහෙත්  කැලණිය විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණයක් අනුව මුම 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරනය ජයග්‍රහණය  කරනු ඇත.

 

මේ වර්තා  දෙකේ දත්ත අනුව පෙනී යන්නේ තාමත් කැපී පෙනන පැහැදිලි ජයග්‍රාහකයෙක්  නැති බවයි.මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන  ආකාරය ජය පරාජය තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇත.

 

 

Sri-Lanka-election-001

 

2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මඟින් කරන ලද සමීක්ෂණයක් අනුව මුළු දිවයිනෙන් ම 53%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (31) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

එම සමීක්ෂණය අනුව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවන්නේ 44%ක ඡන්ද ප්‍රතිශතයකි. 3%ක් පමණ ඡන්දය නොදෙන කණ්ඩායමට අයත් විය හැකි බව ද ඔහු කීය.

අදියර 02ක් යටතේ මේ සමීක්ෂණය සිදු කර ඇත. මෙහි එක් අදියරක් නාමයෝජනා දීමට පෙර සිදු කර ඇති අතර එහිදී ලංකාවේ ජනප්‍රිය දේශපාලන චරිතය පිළිබඳ සමීක්ෂණයක් සිදු කර තිබේ. දෙවැනි අදියර යටතේ මැතිවරණ ව්‍යාපාරය ඇරඹූ පසු දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරා ගත් නියැඳියක් අනුව 5,000ක් දෙනා සමීක්ෂණයට භාජනය කර තිබේ.

අලුත් ඡන්ද නාමලේඛනය පදනම් කර ගනිමින් ජනවර්ග ස්වභාවය, ස්ත්‍රී පුරුෂ භාවය, ජනගහන සංයුතිය, වෘත්තීය ස්වභාවය හා වයස් කාණ්ඩය පදනම් කර ගනිමින් මේ සමීක්ෂණය කරන ලද අතර සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් සමීක්ෂණය කෙරුණු බවත් මේ සමීක්ෂණයේදී 5%ක් කිසිදු අදහසක් දක්වා නැති බවත් රටේ දේශපාලන වාතාවරණය පිළිබඳ යම් ප්‍රකාශයක් මේ සමීක්ෂණය හරහා පෙන්වා දෙන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මීට දින කිහිපයකට පෙරාතුව නිකුත් කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්‍ෂණයක වාර්තාවක දක්වා තිබුනේ  මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටින බවයි.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්‍ෂණයක වාර්තාවට අනුව මේවනවිට මෛත‍්‍රිපාල සිරිසේන මහතා 53%ක් ලබාගනිමින් ඉදිරියෙන් සිටී. මෙම වාර්තාව නිකුත්කර ඇත්තේ දෙසැම්බර් මස 27 දාය.

උතුරු පලාත හැර සෙසු දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි 1,000 කට ආසන්න නියැදියක සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව 53% ක් ලබාගනිමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට ඉදිරියෙන් සිටී.

මෙම සමීක්ෂණය මූලික වශයෙන් සිංහල ඡන්දදායකයින් මත පදනම්ව සිදු කර ඇති අතර දෙමළ හා මුස්ලිම් ඡන්ද දායකයින්ගේ ඡන්ද සමසමව මහින්ද රාජපක්ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරු බෙදී යනු ඇතැයි උපකල්පනය කර ඇත.

එම තත්වයන් යටතේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ දෙකකින් ජයග‍්‍රහණය කරනු ඇතැයි සමික්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.

කෙසේවුවද මේවනවිටත් සියළු ප‍්‍රධාන මුස්ලිම් පක්ෂ  මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයදෙන බව ප‍්‍රකාශ කර ඇති බැවින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවත් ඡන්ද ලක්ෂ 2 ක් එනම් ලක්ෂ 4 ක වැඩි ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කිරීමට ඉඩ ඇත.

තවද දෙමළ ප‍්‍රධාන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත කොන්දෙසි විරහිතව සහය ලබා දීමට තීරණය කළහොත් මෙම පරතරය මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසි සහගත ලෙස තවදුරටත් ලක්ෂ 5කින් පමණ ඉහළ යනු ඇති බවත්, එබැවින් 2015 ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා වැඩිඡන්ද ලක්ෂ 9 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරනු ඇති බවත් එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

සමීක්ෂණ වාර්තාවේ දක්වා ඇති ආකාරයට අනුව මහින්ද රාජපක්ෂ මහතාට 2010 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ඡන්දදායකයින් ගෙන් 28%ක් මේවනවිටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දීමට තීරණය කර ඇත.

 

pissek

2010 දී  මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද ලබාදුන් තවත් 11%ක් මෙවර ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැත.

කෙසේවුවද මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල වලට අනුව මෙවර ප‍්‍රථම වතාවට ඡන්ද ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් අතරින් 38% මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ලබාදීමට තිරණය කර ඇති අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදීමට තීරණය කර ඇත්තේ 33% ක් පමණි.

සෙසු අළුත් ඡන්දදායකයින් තවමත් කිසිදු ප‍්‍රධාන අපේක්ෂයකුට ඡන්ද ලබාදීමට තීරණය කර නැත.

එමෙන්ම මෙම සමීක්ෂණ වාර්තාවට අනුව තවමත් ඡන්දදායකයින්ගෙන් 13-15%ක් අතර ප‍්‍රමාණයක් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කොළඔ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් හා ආචාර්ය ඞී. එස්. ජයවීර මහත්වරුන්ගේ මූලිකත්වයෙනි.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.