තැපැල් ඡන්ද අයදුම්පත් 50,000ක් කුණු කුඩයට

ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයින් ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම් පත් පනස්දහසක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

 එහි ප්‍රකාශකයෙකු පැවසුවේ තැපැල් ඡන්ද දායකයින් වීමට සුදුසු නොමැති පුද්ගලයින් ඉදිරිපත් කළ අයදුම්පත් සහ නිවැරදි තොරතුරු ඇතුළත් කර නොමැති අයදුම්පත් මෙලෙස ප්‍රතික්ෂේප වී ඇති බවයි.

තැපැල් ඡන්දය අයදුම් කිරීමට සුදුසුකම් ලබන්නේ ඡන්ද රාජකාරීවල නිරත වන රාජ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ලංගම වැනි රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත වන රාජ්‍ය සේවකයින් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහෙත් ඊට අදාළ නොවන පිරිසක් ද තැපැල් ඡන්ද අයදුම් කර තිබුණු බවද මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍ර්‍රකාශකයා පැවසිය.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව පන් ලක්ෂ හතළිස් අටදහසක් පමණ වේ. එම තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම හෙට සිට ආරම්භ කෙරෙන බව  මැතිවරණ මහලේකම් කාර්යාලය  වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.