කුමාර ගුණරත්නම්ට ලංකාවට පැමිණීමට ඉඩක් නැහැ- පෙරටුගාමී සමාජවාදී පක්ෂය

 

 

පුබුදු ජයගොඩ
පුබුදු ජයගොඩ

 

කුමාර ගුණරත්නම්  ලංකාවට ගෙන්වීමට ආණ්ඩුව ඉඩ නොදෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (18) මාරදානේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී  කියා සිටියේය.

කාලය ඉක්මවා රැඳී සිටියා කියා ගුණරත්නම් සහෝදරයාට දඩයක් ගෙවන්න නියම වෙලා තිබුණා. අපි අවුරුද්දකට වඩා කාලයක්  ඒ දඩය ගෙවන්න උත්සාහ කලා. අන්තිමට කිව්වා වීසා ඉක්මවා රැඳී සිටීමට හේතු දක්වමින් ලිපියක් භාර දෙන්න කියා. නොවැ. 27 අපි ඒ ලිපිය භාර දුන්නා. සාමාන්‍ය පටිපාටියට අනුව ඒ ලිපියට දවස් 7 කින් උත්තර ලැබෙන්න ඕනෑ. දවස් 14 කුත් පහු වෙලා උත්තර නොලබුණු නිසා දෙසැ. 12 අපි නැවත  ලියුමක් භාර දුන්නා. ඊට පස්සේ ආගමන විගමන පාලක  කිව්වා අපේ ලියුම ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශයට යොමු කරලා තියෙන්නේ කියලා යැයිජයගොඩ පැවසීය.

මෙතනදි ප්‍රශ්න මතු වෙනවා. ආරක්ෂක අමත්‍යශයේ නිර්දේශයක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. හිතාමතා කරන ප්‍රමාද වීමක් තියෙනවා කිය දැනුන නිසා දෙසැ. 16 උදේ 10.58 ට පමණ කුමාර සහෝදරයා අන්තර් ජාලය මාර්ගයෙන් වීසා ඉල්ලූම් පතක් දැම්මා. එයට ස්වයංක්‍රීයව හමුවෙන ප්‍රතිචාරය කියනවා පැය 24 කින් වීසා ඉල්ලූම් පත්‍රය ගැන දැනුම් දීමක් කරනවා කියලා. පැය 48 ක් ගිහිල්ලාත්  ඒ ගැන පිළිතුරක් හමුවෙලා නැහැ. අද පස්වරු එකට පමණ අපි ලිපියක් යොමු කර  ඇහුවා ඇයි අපට උත්තර දෙන්නේ නැත්තේ කියලා. මේ ආයතන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය සිතාමතා කරන බදා කිරීමක්. ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ගැන කතා කරන අයගෙන් අපි අහන්න කැමැතියි මේ ගැන මොකද? කියන්නේ කියලා.’ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ ප්‍රශ්න කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.