කොටස්‌ වෙළෙඳපොළේ මූල්‍ය වංචා ගැන තිලක් කරුණාරත්න ගෙන් හෙළිදරව්වක්

 

Stock-exchange

 

රටේ නීතිය අනුව නම් වංචා කාරයෝ අද ඉන්න ඕනෑ හිරේ
– තිලක්‌ කරුණාරත්න

පානදුර – විජිතා ලියනගේ දිවයිනට වාර්තා කරයි
“මම කොටස්‌ වෙළෙඳපොළේ සභාපතිව සිටි කාලයේ එහි මූල්‍ය වංචා කළ දූෂිත හොර ජාවාරම්කරුවන් 17 කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. නමුත් දේශපාලන ප්‍රබලයෙක්‌ මට කතා කරල කිව්වා මේ අය මට මැතිවරණ ව්‍යාපාරවලට උදව් කරන අය නිසා නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්න බැහැ එය කරන්න එපා කියලා. මම කිව්වා මට ඒක කරන්න බැහැ කියලා. එවිට එම ප්‍රබලයා කිව්ව එහෙනම් තිලක්‌ටයි මටයි මේ වැඩේ කරන්න බැහැ තනතුරෙන් ඉල්ලා අස්‌වෙන්න කියලා. මම අයින් වුණා. රටේ නීතිය අනුව නම් කොටස්‌ වෙළෙඳපොළේ මූල්‍ය වංචා කරපු දූෂිතයෝ අද ඉන්න ඕන හිර ගෙවල්වලයි. ඒත් ඒ අය ආණ්‌ඩුවේ මැතිවරණ ව්‍යාපාරවලට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැය කරන නිසා ඔවුන් තවමත් නිදැල්ලේ යහතින් වැජඹෙනවා.” යෑයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ තිලක්‌ කරුණාරත්න මහතා පානදුරේදී පැවසීය.

 

 

Bag with money dollars

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම සඳහා පානදුරයේ පැවති ජන හමුවකදී තිලක්‌ කරුණාරත්න මහතා තවදුරටත් මෙසේද පැවසීය.

මම දේශපාලනය කරන්නෙ තනතුරු ගන්න නොවේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මට බ්‍රිතාන්‍ය තානාපති ධුරය ගන්න කීවා. මම ප්‍රතික්‍ෂේප කළා. ගරු සේවයක්‌ කරන්න පුළුවන් කියලා හිතාගෙන කොටස්‌ වෙළෙඳපොළේ කොටස්‌ හිමි ව්‍යාපාරිකයකු ලෙස මට හුරු පුරුදු කටයුතු කිරීමට කොටස්‌ වෙළෙඳපොළේ සුරැකුම්පත් නියාමන කොමිෂන් එකේ සභාපතිධුරය ලබාගත්තා. මගේ වැටුප ආණ්‌ඩුවට දුන්නා. නිලවාහන ගත්තේ නැහැ. ඉන්ධන වියදම් ගත්තේ නැහැ. දුරකථනය පාවිච්චි කළේ නැහැ.

අද අපේ රට සමග තිබුණු ජාත්‍යන්තර සබඳතා බොහෝමයක්‌ බිඳ වැටිලා. ජනගහනය 91,000 ක්‌ වැනි සුළු පිරිසක්‌ ඉන්න සී ෂෙල්ස්‌ රට සමග ආණ්‌ඩුව සබඳතා පවත්වනවා. ලංකා බැංකු ශාඛාවකුත් ඒ රටේ විවෘත කළා. අපේ කුඩා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තරම්වත් නැති ඒ දූපතට මගීන් නැතිව මිහින් ලංකා ගුවන් යානයක්‌ සෑම සතියකම යනවා. සී ෂෙල්ස්‌ කියන්නේ කළු සල්ලි සුදු කරන රටක්‌. දූෂිත හොර ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්‌. මෙහෙන් ගසාකන සල්ලි ඒ රටට යවනවා. මේවා නැවැත්විය යුතුයි. නැතිනම් මහා භයානක තත්ත්වයක්‌ රටට උදාවීම ඒකාන්තයි. ඒ නිසා µයිල් නැති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂක දිනවීම රට වැසියන්ගේ යුතුකමක්‌ වෙනවා” යනුවෙන් තිලක්‌ කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.