කෝටි 7 කොමිස් චෝදනාවට නාමල් රිමාන්ඩ් ද ?

Namal-640x640කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් පසුගිය රජයේ ප්‍රබල දේශපාලඥයන් කිහිපදෙනෙකුට රු.කෝටි ගණනින් මුදල් ලබා දී ඇති බවට ලැබී ඇති පැමිණිලි හෙතුවෙන්පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

රජය සතු මෙම ඉඩම ක්‍රිෂ නැමති ඉන්දියන් සමාගමට පවරාදීමේ දී රු.කෝටි 7ක මුදලක් කොමිස් වශයෙන් එල්ල වී තිබෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නාමල් රාජපක්ෂ මහතාට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඊයේ (17) පෙරවරු 10ට පමණ  මුල්‍ය අපරාධ කොට්ඨාසයටපැමිණීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

පොලීසිය පවසන්නේ කොළඹ කොටුවේ පිහිටි මෙම රජයේ ඉඩම ක්‍රිෂ නැමතිඉන්දියන් සමාගමට පැවරීමේ දී මෙම කොමිස් මුදල් වංචාව සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධව අදාළ සමාගමේ බළධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!