කොමීයුනිස්ට් පක්ෂයේ හැල හැප්පිලි

dewgunasekara12
ජනාධිපති මහින්ද රාජපක්ෂ හට සහයෝගය දැක්වීමට කොමීයු නිස්ට්  පක්ෂයේ නායක ඩි.ව් ගුණසේකර ඇතුළු පිරිස ගත තීරණය පක්ෂයේ ජේෂ්ට සාමාජිකයින් පිරිසකගේ දැඩි විරෝධයට හේතු වී ඇත .

ආර්ථික සංවර්ධනය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පක්ෂය ජනාධිපති වරයාට සහයෝගය දෙන බව තම දේශපාලන මණ්ඩලය සමග අරලියගහ මන්දිරයට ගිය කොමීයු නිස්ට් පක්ෂයේ නායක ඩි.ව් ගුණසේකර ජනාධිපති මහින්ද රාජපක්ෂට පැවසීය.

උදෑසන සිට සවස් වන තුරු වාද විවාද මැද පැවැති ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී එළැ ෙබන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා සංධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරීමට තීරණය විය.

මෙම තීරණය සඳහා පැවැති ඡන්ද විමසීමේදී මධ්‍යම කාරක සභිකයන් 26 සහ 14 ක් ලෙස බෙදී ඇති අතර දෙදෙනෙකු මධ්‍යස්ථව සිට ඇතැයි දැනගන්නට ඇත.

වර්තමාන ජනාධිපතිවරයාටම එළැෙඔන මැතිවරණයේදී සහාය පළ කළ යුතු යැයි පවසමින් ඡන්දය ප‍්‍රකාශය කළ බහුතරය අතර ඇමති ඩීව්. ගුණසේකර, නියෝජ්‍ය ඇමති චන්ද‍්‍රසිරි ගජධීර, දකුණු පළාත් සභා ඇමති ,සහ දකුණු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු ද සිටි බව දැනගන්නට ඇත.මෙම 26 දෙනා අතර කොමියුනිට්ස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලයේ සේවය කරන්නනන් ද සිටින බව  මාධ්‍යට කරුණු දැක්වු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු පැවැසීය.
මේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සහික රාජා උස්වැටකෙයියාව මහින්ද රාජපක්ෂ හට සහයෝගය දැක්වීමට ගත් තීරණයට එරෙහි වන්නේ ඇයිදැයි පැහැදිලි කරමින්

අපේ හෘද සාක්ෂියට එකඟව මෛත‍්‍රීට සහය දෙනවා – රාජා උස්වැටකෙයියාව ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

ශ‍්‍රීලාල් සෙනෙවිරත්න
කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ තින්දුවට එරෙහිව ඔබ පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමේ වැඩසටහනට එකතුවෙනවා. මීට බලපෑ හේතු මොනවාද?
පළමුවෙනි හේතුව මගේ හෘද සාක්ෂියයි. දේශපාලනය කරන ඕනෑම කෙනෙක්තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඒ පවතින සමාජ වටපිටාව තුළ මතුවෙන ප‍්‍රධාන ගැටළුව මොකක්ද කියා තේරුම් බේරුම් කරගැනීමේ අවශ්‍යතාව තියනවා. මේ විධායක ජනාධිපති ක‍්‍රමය අවුරුදු තිහකට වැඩි කාලයක් එක දිගට පවත්වාගෙන යනවා. එක්සත් ජාතික පක්ෂය 1978 විවෘත ආර්තිකයත් එය ඉදිරියට ගෙනයාම සඳහා විධායක ජනාධිපතික‍්‍රමයත් රටට හදුන්වාදුන්නා. විධායක ජනාධිපති ක‍්‍රමය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මත කරනකොටම මේකට විරුද්ධව නැඟී හිටිය ප‍්‍රධාන බලවේගය තමයි වමේ ව්‍යාපාරය. සමසමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සියළුම වමේ පක්ෂ නායකයෝ මේකට විරුද්ධව මහ පාරට බැහැලා උද්ඝෝෂණය කළා. ඉන් පසු මේ වටා පොදු ජනතාවත් එකතුවුණා.

 

ඉන් පසු විධායක ජනාධිපති ක‍්‍රමය සහිත දේශපාලන ක‍්‍රමය 1994 එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහවෙන තුරුම දිගටම පවත්වාගෙන ආවා. අවුරුදු 17කට පස්සේ මේ රටේ දේශපාලන වෙනසක් සිදුකරමින් එක්සත් ජාතික පක්ෂයේ පාලනය පෙරළලා චන්ද්‍රිකා ඇතුළු විපක්ෂ බලවේගය ජයග‍්‍රහණය කළේ ප‍්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින්. එකක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම. ඊළගට මේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැඟීම. මේ ප‍්‍රධාන ඉල්ලීම් නිසාම මැතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ එදා චන්ද්‍රිකා සමඟ එකඟතාවකට ආවා ඒ අයගේ අපේක්ෂකයා ඉවත් කරගෙන විධායක ජනාධිපති ක‍්‍රමය කඩිනමින් ඉවත් කරන්න. චන්ද්‍රිකා උත්සාහ කළා මෙය අහෝසි කරන්න. නමුත් නොහැකි වුණා.

2000 දි නැවත පැකේජයක් ගෙන එමින් විශාල උත්සාහයක් ගත්තා. අවාසනාවකට එදා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුලදීම මේක පුච්චලා පරාජය කළා. අවුරුදු 11කට පස්සේ 2005 දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට මහින්ද චින්තන ලියැවිල්ලේ තිබුණු ප‍්‍රධාන කාරණයක් තමයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන එක.

rajaUK

2009දි එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු වඩා ශක්තිමත් ලෙස ඔහු ජනාධිපති ධුරයට පත්වුණා. ඕනේනම් ඔහුට තිබුණා ජනවාර්ගික ප‍්‍රහ්ණයකට දේශපාලන විසඳුමකට යන්නත්. එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීම වෙනයි. දෙමළ සහ මුස්ලිම් සුළුතර ජනතාවගේ ප‍්‍රශ්ණය වෙනයි. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු විසිහතක් හිරේ ඉදලා එළියට ඇවිල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සමඟ එකතුවෙලා ඔහු ජනාධිපති වුණා. ජනාධිපති වෙලා ඔහු පළමුවෙන්ම කළේ එවකට රට පාලනය කළ ඔහුව හිරේ දැම්ම සුුද ජාතිකයන්ගෙන් පලිගන්නේ නැතිව කාටත් විශ්වාස කළ හැකි පාලන ක‍්‍රමයක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි ඕේන නම් ඔහුට තිබුණා ධුර කාලය අවසන් වුණාට පස්සේ තව ටික කාලයක් ඉන්න. ඔුහුට රටේ පමණක් නොවෙයි ලෝකයේම ජනප‍්‍රිය නායකයෙක්. නමුත් ඔහු ධුර කාලය අවසන් වූ වහාම ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා විශ‍්‍රාම ගියා.

 

නමුත් මහින්ද රාජපක්ෂ උතුරේ ප‍්‍රශ්ණය විසඳන්නෙත් නැතිව දකුණත් මර්ධනය කරමින් යම් ආකාකරයක හමුදා පාලනයක් දිගටම ගෙන යාමේ උත්සාහයක යෙදුණා.

 

යුද්ධය තියන කාලේ අපි කිව්වා මේ යුද්ධයට යන දැවැන්ත වියදම අඩුකරන්න පුළුවන් යුද්ධය ඉවර වුණාම කියලා. ටී පනස් හය අවියකට කාල තුවක්කු උණ්ඩයකට වියදම් කරන මුදලින් අපිට දරුවන්ට කොම්පියුටර් අරන් දෙන්න පුළුවන්. යුද වියදම අඩුවෙන කොට ඒ වෙනුවෙන් වෙනකරන මුදල් රට සංවර්ධනය කිරීමට යොදවන්න පුළුවන්. එහෙත් යුද්ධය අවසන් කිරීමෙන් පසුවත් දිගින් දිගටම ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි වුණා. පසුගිය අය-වැයෙනුත් ආරක්ෂක අමාත්‍යාංශයට විශාල මුදලක් වෙන්කෙරුණා.

 

මේ තත්ත්වයන් යටතේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් සහ පුරවැසියෙක් ලෙෂ අපේ හෘද සාක්ෂියට එකඟව තවදුරටත් මේ ජනාධිපති ක‍්‍රමය පවත්වගන්නා ක‍්‍රමයකට අපට සහාය දෙන්න බෑ.

 

ඔබගේ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පවසන්නේ ජනාධිපතිවරයණයක් කියන්නේ එක් කාරණයක් පිළිබඳ පමණක් සළකා බලන මැතිවරණයක් නොවෙයි කියායි. ඒ නිසාම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන කාරණය මත පමණක් පදනම් වී තීරණයක් ගැනීම නුසුදුසු බවයි? එනිසා ප‍්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ වුවත් සෙසු කරුණු සලකා මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි?
ත්‍කනෙකුට එවැනි විග‍්‍රහයක් කරන්නත් පුළුවන්. නමුත් සමස්ථායක් හැටියට එම විග‍්‍රහයට මම එකඟ වෙන්නේ නෑ. දැන් අවුරුදු තිස් ගාණක් තිස්සේ මේ රටේ ඇතිවෙච්ච ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ මානව විරෝධී විධි ක‍්‍රම සියල්ල ඇතිවීමට ප‍්‍රධාන හේතුව වුණේ මේ විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යාමයි. අනෙක් එක කොමියුනිස්ට් පක්ෂයම මේ විධායක ක‍්‍රමය දිගටම පවත්වාගෙන යාමට යම් කිසි ඉඩ කඩ සැළසීමක් කළා 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමෙන්. එදත් අපි ඒකට විරුද්ධ වුණා. අපේ විරෝධතාවය නොසළකා එදත් වමේ පක්ෂ තුනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් මේකට ඡුන්දය දුන්නා. ඉන් පසු නැවත අපි පක්ෂ සම්මේලනයක් කැඳවා ස්වයං විවේචනයක් කළා මේ ගත්ත තීන්දුව වැරදියි කියලා. ඊටත් පසුව නැවත වතාවක් ඒ තත්ත්වයන් යටතේම විධායක ජනාධිපති ක‍්‍රමයට පක්ෂවීමේ හැකියාවක් අපිට නැහැ. මූලෝපායික වශයෙන් හෝ උපක‍්‍රමික වශයෙන් හෝ බැහැ. මේ අවස්ථාවේදී එහෙම කිරීම අපි අපේ මූලෝපායම වරද්දා ගැනීමක්. ඒ නිසා ඩිව් ගුණසේකර ඇමැතිවරයා මොන දේ කිව්වත් මේක බලය මාරුවීමක් ගැන ප‍්‍රශ්ණයකින් එහාට ගිය කාරණයක්. මේක බලය පමණක් නොවෙයි විධායක ජනාධිපති ක‍්‍රමයත් මාරුවෙන අවස්ථාවක්. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් ආකාරයක ඉඩ කඩක් ලබාදෙන සිද්ධියක්. ඒ නිසා ඔහු කියන විදිහට මේක ලඝු කරන්න බෑ.

 

සම්මේලනවලදී මධ්‍යම කාරක සභාවලදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ යෝජනා සම්මත වෙලා තියෙද්දිත් කොහොමද මේ එක සැරේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙන්න මධ්‍යම කාරක සභාවේ බහුතරයක් හිටි හැටිේය තීන්දු කරන්නේ?

 

බහුතරයේ මතය කියන එක ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. අපේ අදහසට පක්ෂව ඡුන්ද 14ක් ලැබුණා. එක්කෙනෙක් ස්වාධීනව සිටියා. 26ක් ඒකට පක්ෂව ඡුන්දය දුන්නා. මේ විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂව ඡුන්දය දීපු අයගෙන් බහුතරයක් ආණ්ඩුවේ මැති ඇමැතිවරු. පළාත් සභාවල මැති ඇමැතිවරු. සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවල වැඩකරන පිරිස්. ඒ නිසා ඒ වැඩි ඡුන්දවලින් නිවැරදි මතයක් ප‍්‍රකාශ වුණා කියා මම විශ්වාස කරන්නේ නෑ. අද අපේ රටේ තියන ප‍්‍රවණාතාවයක් තමයි රටටම අවාසිදායක දේවල් වැඩි ඡුන්දවලින් සම්මත කරගැනීම. ඉතිහාසයේදීත් එහෙම වෙලා තියනවා. දැන් සුළු ජාතීන්ගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්ණය ගැන ඡුන්දවිමසීමක් කරලා බහුතර ඡුන්දයෙන් අනුමත කරගැනීම කියන්නේ සාදාරණ දෙයක් නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත ලෙස ලඝු කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සුළුතරයේ කැමැත්තත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී වැදගත් වෙනවා.

 

ඔබත් සමඟ මධ්‍යම කාරක සභාවේදී තවත් 14 දෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය නොදිය යුතුයි කියන මතයේ හිටියා. නමුත් විපක්ෂයේ පොදු අපේක්ෂක වේදිකාවේ දකින්නට ලැබුණේ ඔබ විතරයි. ?
වේදිකාවේ නොසිටියත් ඒ හැම කෙනෙක්ම පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීමේ වැඩපිළිවෙළ තුළ ඉන්නවා. අපේ සියළුම වෘත්තීය සමිති නායකයෝ ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ යුතුයි කියන මතයේ. ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඩබ්. සුබසිංහ කේ ඊ බි‍්‍රටෝ උදේනි දිසානායක ඇතුළුව වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ ඉදිරි පෙළ ක‍්‍රියාකාරිකයන් විශාල පිරිසක් ඉන්නේ අපිත් එක්ක. ඇඹිලිප්ිය නගර සභාවේ දකුණු පළාත් සභාවේ කෝට්ටේ නගර සභාවේ මහජන නියෝජිතයන් ඉන්නේ අපේ මතයේ. නමුත් මධ්‍යගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන සංකල්පය තුළ ඒ අය එළිපිට දැවැන්ත විදිහට මේකට විරුද්ධව විශාල හඬක් නොනැඟුවත් ඒ අය නියෝජනය කරන ජන කොටස්වලට බලපෑමක් කරනවා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවීම සඳහා.

 

පක්ෂයත් සමඟ ඇති වූ මේ මතභේදයේ අවසන් ඵලය ලෙස ඔබලාට පක්ෂය වෙනස් කරයිද? පක්ෂය විසින් ඔබලා වෙනස් කරයිද?
ඔය දෙකම විය හැකියි. තාවකාලික වශයෙන් පක්ෂයෙන් මාව ඉවත් කිරීමට ඉඩ තියනවා. නමුත් දීර්ඝ කාලීන වශයෙන් යම් දවසක පක්ෂය තමන්ගේ මතය නිවැරදි කරගන්න පුළුවන්. එහෙම වුණු අවස්ථාවක නැවතත් මට පක්ෂය සමඟ වැඩකරන්න පුළුවන් වෙයි. මේ වෙනකම් නම් පක්ෂයෙන් මා නෙරපා නෑ. මම හැමාදාමත් හිටියේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන සංවිධාන සහ ජනතාව සමඟයි. සත්‍ය ගරුක එඩිතර සටන්කාමී පිරිසක් සමඟයි මේ අවස්ථාවේදීත් මම ඉන්නේ. යම් කෙනෙකුට මේක දැනෙන්න පුළුවන් සැඩ පහරක හරහට පිහිනනවා වගේ. නමුත් ඒක වුණත් කරන්න වෙන අවස්ථාවක් ආවොත් නොබියව ඒක වුවත් කළ යුතුවන අවස්ථා තියනවා. ඒකාදිපති සහ මිලිටරි ස්වාභාවයේ පුද්ගලයන්ට බය වෙලා මේ දේශපාලනය කරන්න පුලූවන් කමක් නෑ. වමේ නායකයෝ දිගින් දිගටම හිරගෙවල්වලට ගියේ වෙනින් තාඩන පීඩනවලට ලක්වුණේ පොලිස් සහ හමුදා ප‍්‍රහාරවලට ලක්වුණේ සමහර සහෝදරයෝ තමන්ගේ ජීවිත පවා කැපකළේ මේ අසාදාරණයන්ට විරුද්ධව අභීතව සටන් කරලා. ඒ සටන් සම්ප‍්‍රදාය තමයි අපෙත් තියෙන්නේ. එහෙම නැතිව අවස්ථාවාදී විදිහට ආණ්ඩුවේ තියන වරදාන වරප‍්‍රසාද ලබාගෙන මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිමින් ඉන්න කැමැති අයට එහෙම ඉන්නත් පුළුවන්. නමුත් ඉතිහාසය පුරාම වමට තිබුණේම ඊට වැඩිය වෙනස් සටන්කාමී සම්ප‍්‍රදායක්. දැන් තමයි ඒක දියවෙලා ගිහින් වගේ තියෙන්නේ. නමුත් මම ඉන්නේ ඒ කරුණු වෙනුවෙන් ෂත්‍ය වෙනුවෙන් නොබියව සටන් කළ යුතුයි කියන ස්ථාවරය තුළ.

 

සමසමාජ කොමියුනිස්ට් පක්ෂ දෙකම දිගින් දිගටම ප‍්‍රකාශ කරමින් සිටියේ ජනාධිපතිවරයණයේදී තම සහාය හිමි වෙන්නේ කාටද යන්න තීරණය වන්නේ ඉදිරිපත් වන පොදු අපේක්ෂකයාට අනුව කියලයි. ධනවාදී නොවන පක්ෂයක පිළිගත හැකි අයෙක් පොදු අපේක්ෂකයා වෙතොත් ඔහුට සහාය දැක්වීමේ සූදානමක් තමයි ඉන් ප‍්‍රකාට වුණේ. එසේ තිබී ඇයි මේ පොදු අපේක්ෂකයා ප‍්‍රකාශයට පත්වන්නටත් පෙර ඒ පක්ෂ නායකයන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කරන්නේ? දැන් ඉදිරිපත් වෙලා සිටින පොදු අපේක්ෂකයා මේ අය අපේක්ෂා කළ ආකාරයේ කෙනෙක්.

 

මම හිතන්නේ වමේ පක්ෂ දෙක තුනම මේ ගැන නැවත සළකා බලයි. අපේ පක්ෂවල යම් උපාය මාර්ගික දෙයක් තිබුණා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉන්න ප‍්‍රගතිශීලී බලවේගත් එක්ක යම් සබඳතා ගොඩනඟාගෙන ඔවුන් එක්ක මේ විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධ සටනේදි ඔවුන්ව අපේ පැත්තට නම්මා ගන්න. නමුත් මේ වෙනකොට එවැනි ප‍්‍රගතිශීලි කොටස් පොදු අපේක්ෂකයා වටා එක්වී ඉන්නවා. නමුත් අපි තාම ඒ තැනට ගිහිල්ලා නෑ. ඒක කණගාටුදායක තත්ත්වයක්.
පොදු අපේක්ෂකයා ඉදිරිපත් කරන්න කලින් එන පුද්ගලයා කවුරුන්ද කියා විවිධ කටකතා තිබුණා. දැඩි විරෝධයක් තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට. ඒ නිසාම දැන් කිිසිම පක්ෂයක් නියෝජනය නොකරන පුළුල් දේශාපලන ව්‍යාපාරයක නියෝජිතයා හැටියට එන මේ පොදු අපෙක්ෂකයාට සහාය දෙන්න බැරි කමක් ඒ අයට නෑ.

 

මේ පසුබිම තුළ බිහිවෙන වමේ කේන්ද්‍රයේ අරමුණ සහ දැක්ම මොනවගේද?
කාලයක් තිස්සේ මේ රටේ වමේ ව්‍යාපාරය ගැන සුබවාදී බලාපොරොත්තු තිබුණු අයගේ ඒ බලාපොරොත්තු මේ වෙනකොට සිඳිලා ගිහිල්ලා තියනවා. ඒ නිසා මේ වගේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකදී වමේ බලවේග සියල්ල එකට එකතු කරලා සංවිධානය කරලා මේක ඉදිරියට ගෙනයාම සඳහා කටයුතු කිරීම ඉතාම හොද තත්ත්වයක්. වමට සම්බන්ද සියළු දෙනාගේ අදහස් බොහොම ප‍්‍රාජාතන්ත‍්‍රවාදී විදිහට අරගෙන ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

 

වමේ කේන්ද්‍රයේ ඉදිරි දේශපාලන ගමන් මග කුමක්ද? වමේ නව දේශපාලන පක්ෂයක් බවට මෙය පත්කෙරෙනවාද?
ඒ වගේ දෙයක් ගැන යමක් කියන්න තවම කල් වැඩියි. සමහර විට පක්ෂ දෙකේ තියන අර්බුධ සමනය වෙන්න පුළුවන්. එසේ වුවත් ඉතා දීර්ඝ කාලයක් ඇන් ඇම් පීටර් කේනමන් දෝසතර එස් ඒ වික‍්‍රම සිංහ කොල්වින් සහෝදරයන් හැමෝම බලාපොරොත්තු වුණා සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ දෙකම එකම පක්ෂයක් කරන්න. තවමත් ඒ සිහිනය තියනවා. 1963-64 වාමාංශික එක්සත් පෙරමුණ ඇතිවුණු වෙලාවේ රටේ මිනිස්සුන්ගේ ලොකු ප‍්‍රභෝදයක් තිබුණා වමේ මිනිස්සු එකතුවෙලා ඉන්න ඕනේ කියලා. ඒක තාමත් තියනවා. වමේ එකමුතුකමකට ඉඩකඩක් ආශිර්වාදයක් ශක්තියක් සහ සුදුසු පසුබිමක් දැන් තියනවා. මේ සියළු තත්ත්වයන් දිහා බැලූවම වම එකතු කිරීමේ ව්‍යාපාරයක් බොහොම සුබවාදී විදිහට අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.