කොළොන්නාවේ ගිනිකෙළි සහ සැණකෙළි

Bharatha Lakshman Premachandra's daughte

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  වෙත ලිපියක් යවන  පැෆරල් මැතිවරණ නිරීක්ෂක රෝහණ හෙට්ටිආරච්චි කියා සිටින්නේ කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී

තත්වයක්  මතුවෙමින් පවතින බවයි.

කොලෙන්නාව ප්‍රදේශයේ පළාත් සභා  මන්ත්‍රී  එස්.එම්. මරික්කාර් පවත්වාගන ගිය එක්සත් ජාතික පක්ෂ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වූ අතර ඊට පෙර  පොදු අපේක්ෂක

මෛත‍්‍රීපාල සිරිසේන මහතා කොලොන්නාව පැවති රැළියට ප්‍රහාර එල්ල විය.

4712894Solanga-arachi

පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ප්‍රදේශීය සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි යන දෙදෙනාම කියා සිටින්නේ තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවයි.

නදුනන පිරිස් ප්‍රදේශයේ සැරිසරමින් භීතිය  දනවන  පරිදි හැසිරෙන බව ප්‍රදේශවාසීහු  කියා සිටිති.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබා මර දැමීමට පෙරත් මැතිවරණ නිරීක්ෂකයින් කොළොන්නාව ප්‍රදේශයේ භීෂණකාරී තත්වය පිළිබඳව අනතුරු ඇඟවීම් කළහ.එහෙත් පොලීසිය විසින් නීතිය ක්‍රීයාත්මක කිරීමේදී  උදාසීන බවක් දක්නට ලැබූනි.

වැයික්කි   සීමා

මෙතන ඇත්තේ වැයික්කි   සීමා (turf war)  පිලිබඳ අර්බුදයකි.’මගේ බල  ප්‍රදේශය තුල සෙල්ලම් කරන්න එපා’ යැයි යන පණිවිඩය ලබා දීම සඳහා ඕනෑම මැර ක්‍රියාවක් කිරීමට

සමත්  දේශපාලකකයින්, මත්ද්‍රවය ජාවාරම්කරුවන් සහ  මැරයින්  පවත්වාගෙන යන නින්දගමක් බවට කොලොන්නාව පත්ව ඇති  බවක් දක්නට ලැබේ.

මෙවැනි බල  ප්‍රදේශයක් පවත්වාගෙන යැමට ඉඩ  දිය යුතුද  යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ.

dumin

දුමින්ද සිල්වා

මේ අතරවාරයේ තමන්ගේ සොහොයුරා  ගේ හිරු මාධ්‍ය ජාලය ඔස්සේ  කොළොන්නාව ප්‍රදේශයේආණ්ඩු පක්ෂ සංවිධායක දුමින්ද සිල්වා  කුඩු  වෙළෙඳාම සහ තමන්ගේ නම ගෑවී ඇති ආකාරය පැහැදිලි කළේය.

ඔහු කියා සිටීයේ පළාතේ පීඩිත ජනතාව වෙනුවෙන් තමන් ඉදිරිපත් වන හෙයින් තමන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරීම පිළිබඳව චෝදනා එල්ල කෙරෙන බවයි.

දේශපාලනය සඳහා මේ තරම්  දැවැන්ත මුදලක් වියදම් කරන්නේ කෙලෙසදැයි විමසු විට ඔහු කියා සිටීයේ තමන් පාරම්පරික  ධනවතෙක් බවයි.

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට රිසි සේ ප්‍රශ්න ඇසීම කෙරුන බවක් දක්නට ලැබුනත් ඔහුට තම ක්‍රියා  පිළිවෙත පිළිබඳව කෙරෙන ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දීමට සිදුවී ඇති සමයක් උදා වී ඇති බවක් දක්නට ලැබේ.

ගිනි අවි වල පිහිටෙන් ගෙනි යන භීෂනකාරී සංස්කෘතිය හමාර  කිරීමට නම්  කොළොන්නාව ප්‍රදේශයේ නීතියේ ආධිපත්‍ය  පිහිටුවාලිය නොහැක්කේ මන්ද යන්නට පිළිතුරු සොයා ගත යුතුව ඇත.

 

[vsw id=”/qYYSiWS6gKU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.