කොළොන්නාවේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම කුතුහලය දනවයි

 

 

 

brokenglass

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළොන්නාවේ වේදිකාවට වෙඩි තබන අවස්ථාවේ රාජකාරී පැහැර හැරියේ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයකුගේ හා පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම්  කොට ඇත.

ඔවුන් දෙදෙනා එම ස්ථානයේ පොලිස් ජංගම සේවයේ යෙදී සිට ඇත. මේ ප්‍රහාර දරුණු කල්ලියක වැඩක් බව පෙනෙන අතර ජංගම සේවයේ නිරත වූ උප පොලිස් පරික්ෂකවරයකු සහගේ හා පොලිස් කොස්තාපල්වරයකුට මෙවැන්නක් නතර කල හැකිද යන ප්‍රශ්නය මතුවේ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැස්වීමක් පැවැත්වීමට තිබූ කොළොන්නාව උමගිලිය වේදිකාවට ටී 56 ගිනි අවි උපයෝගී කරගෙන වෙඩි ප්‍රහාර 30 ක් පමණ එල්ල කර ඇති අතර හිස් උණ්ඩ 17ක් සොයා ගෙන ඇත..

සැකකරුවන් ජීප් රථ දෙකකින් හා වෑන් රථයකින් පැමිණ ඇතැයිද අලුයම 12.45ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලකොට ඇති අතර වේදිකාව ඉදිකරමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයිද කියති.

එහි ආරක්ෂාවට සිටි වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් කණ්ඩායම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද පොලිසිය රාජකාරිය පැහැර හැර ඇති බවට ඔප්පු වුවහොත් ඔවුනට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටී එහෙත් මේ තාක් ප්‍රහාරකයින් අත් අඩංගුවට ගෙන නැත.

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයෙන් පිටත්ව ගොස් සුළු මොහොතකින් වෙඩි තැබීම සිදුවී ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.