ගම්මන්පිල හෙළ උරුමය සමග වාදයට සුදානම්

 

 

gammanp

 

 

ජාතික හෙල උරුමය විසින් තමන්ට ප‍්‍රසිද්ධ විවාදයකට කරන ලද ආරාධානව පිළිගන්නා බව එහි හිටපු නියෝජ්‍ය ලේකම් සහ අළුතින් පිහිටුවා ගන්නා lada, පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් රී උදය ගම්මන්පිල මහතා  කියා සිටීපවසයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ප්‍රසිද්ධ විවාදයකට කළ ඇරයුම ගම්මන්පිල භාර ගනියි.

ජාතික හෙළ උරුමයෙන් මා ඇතුළු පිරිස ඉවත් වී පිවිතුරු හෙළ උරුමය ගොඩ නගා ගැනීමට කිසිම ප්‍රතිපත්තිමය කරුණක් බලපා නොමැති බව පුන පුනා පවසන එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රි වර්ණසිංහ මහතා ඒ පිළිබද ප්‍රසිද්ධ විවාදයකට මට ඇරයුම් කරයි.  ප්‍රතිපත්තිමය කරුණු බලපා නොමැති නම් පක්ෂය දැවැන්ත නාය යෑමකට ලක් වී මධ්‍යම කාරක සභිකයින්, දිසා සංවිධායකවරු, ආසන සංවිධායකවරු, මහජන නියෝජිතයින් සහ සාමාජිකයින් විශාල පිරිසක් පිවිතුරු හෙළ උරුමය වටා ගොනු වීමට හේතුව පැහැදිලි කළ යුතුය.  ජාතික හෙළ උරුමයේ හදවත ලෙස සැලකෙන මහරගම සහ කැස්බෑව ආසන තුල අද එම පක්ෂයට ඉතිරි වී ඇත්තේ දෑතේ ඇගිලි වලින් ගැනිය හැකි තරම් ක්‍රියාකාරින් සුළු ගණනකි.

මව්බිමේ සතුරන් මෙන්ම දේශද්‍රෝහින් ලෙස ජාතික හෙළ උරුමයේ නායකයින්ම හදුන්වා දුන් චන්ද්‍රිකා කුමාරණතුංග, රනිල් වික්‍රමසිංහ, වික්‍රමබාහු කරුණාරත්න, සම්බන්දන්, මනෝ ගනේෂන් සහ අසාද් සාලි වැනි පිරිස් සමග එකතු වීම පක්ෂයේ ආරම්භක ප්‍රතිපත්ති සමග කෙතරම් ගැලපේ ද යන්නත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දුන් අපේක්ෂකයෙකුට සහය දැක්වීම හෙළ උරුමයේ ප්‍රතිපත්ති වලට කෙතරම් එකග ද යන්නත් පිළිබඳ මෙවැනි ප්‍රසිද්ධ සංවාදයක දී අදහස් හුවමාරු කර ගැනීමට හැකි වනු ඇත.  එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පවසන අයුරින් රුපියල් ශත වලට මා පක්ෂය පාවා දුන්නා ද නැතහොත් සිංගප්පූරු ඩොලර් වලට ඔවුන් මව්බිම පාවා දුන්නා ද යන්න දැනගත හැකි වනු ඇත.

මා ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වීමට බලපෑ හේතු පිළිබඳ වර්ණසිංහ මහතා සහ මා පවසන කරුණු වල පරස්පරයක් ඇත.  මා පවසන්නේ ඇත්ත නම් වර්ණසිංහ මහතා පවසන්නේ මුසාවකි.  එමෙන්ම වර්ණසිංහ මහතා පවසන්නේ ඇත්ත නම් මා පවසන්නේ මුසාවකි.  දෙපාර්ශවයම බුදු දහම පදනම් කරගත් දේශපාලනයක් කරන බැවින් කවුරුන් ඇත්ත පවසන්නේ දැයි දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

ඉහත තත්වය මත නිශාන්ත වර්ණසිංහ මහතා යෝජනා කරන ප්‍රසිද්ධ විවාදයක් සඳහා වූ ආරාධනාව මම පිලිගනිමි.  එතුමා තීරණය කරන ඕනෑම ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක එම විවාදය කිරීමට මා සූදානම්ය.  එමෙන්ම පූර්ව කොන්දේසි පැනවීමෙන් හෝ එදිනට අසනීප වීමෙන් හෝ වෙනත් හදිසි කරුණක් යෙදීමෙන් විවාදය මග නොහරින මෙන් ද ඉතාම ඕනෑ කමින් ඔහුගෙන් ඉල්ලා සිටිමි.  මක් නිසාද යත් විවෘත සංවාදයකට මට ඇරයුම් කලේ ඔහු බැවිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.