හම්බන්තොටදී ගායක ජයතිලක බණ්ඩාරට පහර දීමේ සැකපිට නගරාධිපති අත් අඩංගුවේ

 

virodaya

“වීදියේ විරෝධය“ නමින් වත්මන් පාලනය වෙත සිය විරෝධය දැක්වීමේ අරමුණින් ප්‍රසාංගික  වැඩ සටහන ඉදිරිපත් කරමින් සිටියදී අද(21) උදෑසන හම්බන්තොටදී  ප්‍රහාරයක් එල්ල වී ඇත.

“අපි ජේ.ආර්, ප්‍රේමදාස කාලේ පවා ප්‍රසංග කලා ඒ කාලේවත් කවදාවත් අපිට පහර දුන්නේ නෑ. මොකද ඔවුන් පවා විශ්වාස කලා අපි සාමය උදෙසා කලාකරුවෝ කියලා. ඔවුන් අපිට ගරු කලා. වත්මන් රාජපක්ෂ පාලනයේ හෙන්චයියන්ට එහෙම එකක්වත් නෑ. අපි මරලා දාවි, අපිව විනාශ කරාවි, ඒත් අපි පරාජය කරන්න බෑ“ අදහස් දැක්වූ ජයතිලක බණ්ඩාර කියා සිටියේය.

හම්බත්තොටදී මැර ප්‍රහාරයකට  ලක්වූ කලාකරු ජයතිලක බණ්ඩාර මහතා  මාතර  රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

හම්බන්තොට ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් නොකළේ  ඔහුගේ ජීවිතයටට  තර්ජන  ඇතිවය හැකි බැවින් යැයි වීදි නාට්‍ය සංවිධායකයින්  කියා සිටියහ.

මේ මැර ප්‍රහාරය හෙළ දකින එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා  කියා සිටින්නේ ගිනි අවි රැගත් 15 දෙනෙකු පමණ කල්ලියක් විසින් සිදුකළ ප්‍රහාරයට එරෙහිව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බවයි.

 

brito

 

click on link Below

සමාජ ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු සිද්ධිය විස්තර කරමින් 

 

නගරාධිපති අත් අඩංගුවට ගැනේ

[vsw id=”/Duk9LUku6kk” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.