ගුගල් හි SEX වැඩියෙන්ම හොයන රට ශ්‍රී ලංකාව-පිටාර ගලන ලිංගික අසහනය

Skype

 

ආසියානු කලාපයේ රටවල් අතරින් ගුගල් සෙවුම් වදන් අතරින් SEX යන පදය වැඩියෙන්ම හොයන රට ලෙස යළිත් උඩට මතුවී ඇත්තේ  ශ්‍රී ලංකාවයි.

මේ ගැන කථා කරන්නට ඉඩ  ලැබුණු මොහොත්  මතක් වුනේ හැංගිලා වෙස් බැන්දත් එළිපිට නටන්නට  සිදුවන  බවයි.

ශ්‍රී ලංකාව දරුණු ලෙස ලිංගික අසහනයෙන් පීඩා විඳින සමාජයක් බව අමුතුවෙන් කිව යුතු නැතත් මේ පැහැදිලි ඉලක්කමකි.

ශ්‍රී  ලංකාව ආසියානු කලාපයේ රටවල් අතරින් ගුගල් සෙවුම් වදන් අතරින් SEX යන පදය වැඩියෙන්ම හොයන රට බවට පත්ව ඇත්තේ සිව්වන වතාවටයි.ප්‍රවනතාව පැහැදිලිය.

එහෙයින් මේ ඉලක්කම අහම්බයක් නොවන පැහැදිලි ඉලක්කමකි.අනෙක් අතට ශ්‍රී ලංකාව ලකුණු 100 ලබමින් පළමු තැනට පත් වෙද්දී  දෙවෙනි තැන  ගන්නේ ලකුණු 84 ක් ලබා ගන්නා ඉන්දියාවයි.

පරිගණක භාවිතය සහ ජනගහනය අතින් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ සුවිසල් බව ගැන සිතන විට  ලිංගික අසහනය පිටාර ගලන තරම හිතාගත හැකිය.

 

seddd

 

  ශ්‍රී ලංකාවේ කාම අපරාධ  රැල්ල 

මේ ඉලක්කම වඩාත් මැනවින් තේරුම් ගත හැකි වන්නේ  ශ්‍රී ලංකාවේ කාම අපරාධ  රැල්ල  වැඩිවෙන තරම ත්රුම් ගත් විටයි. සෑම මිනිත්තු 90 කට  එනම් පැය එක හමාරකට වතාවක් ස්ත්‍රී දුෂණයක් වාර්තාවෙයි.

මෙයින් අදහස් වන්නේ අන්තර්ජාලය ඔස්සේ sex හොයන හැම දෙනාම ස්ත්‍රී දුෂකයින් වන බව නොවේ.

ඇත්ත  වශයෙන්ම ලිංගික සන්තර්පණය සඳහා ඇති  මාර්ග සියල්ල අහුරා රහත්  වෙන්න ඔන්න මෙන්න වගේ  වැඩිදෙනා හැසිරෙන  සමාජයක අන්තර්ජාලයෙන් හෝ ලිංගික අසහනය තුනී වේ නම් එහි වරදක් නැත.

එහෙත් මේ පිටාර ගලන ලිංගික අසහනය මතු කරන්නේ ඊට වඩා ගැඹුරු ගැටළුවකි.

කුහක සදාචාරයෙන් හෝ වාරණය තුලින් මේ ගැටළුව  නිරාකරනය වන්නේ නැත

වගකීමෙන් යුතුව ලිංගික උවමනාවන් සපුරා ගත හැකි මාර්ග සම්පාදනය කර  ගැනීම නිරෝගී සමාජයක ලකුණකි.

මේ මාර්ග ඉබේ පහල නොවේ.ඒ සඳහා දැනුවත් සමාජ සංවාදයක් අවශ්‍යවේ.

මේ සංවාදය   සඳහා පළමුවෙන්ම  අවශ්‍ය වෙන්නේ වාරණය මුල් කරගත් වැඩ පිළිවෙළකින් ලිංගික අසහනය තුරන් නොකළ හැක්න් බව වටහා  ගැනීමයි.

 

විමල වික්‍රම එදිරිසුරිය

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.